Wednesday, June 14, 2023

Vol.II. බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්‍යතාව​

 Volume II

Chapter 2


බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්යතාව​
අනිත්‍යතාව​ යනු කුමක් දැයි තමන්ම විමසා සාක්ෂාත් කරගැනීමේදී අවශ්ය අයට යා හැකි දිශාවක්, හැදැරිය හැකි ක්‍රමයක් බුදු දහමේම පැහැදිලිව ඇත​.
අනිත්‍යතාව​ යනු කුමක් දැයි තමන්ම විමසා අවබෝධ කර ගැනීම සඳහා යොදා ගත​ හැකි මූලිකම දේ නම් පටිච්ච සමුප්පාද චින්තනයයි. ඒ එය ගොඩනැගී ඇති පදනම අනිත්යය නිසාය.
ඒ සමගම, බුදු හිමියන් එදා බෝ මැඩ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට කළ විශ්ව විශ්ලේශනය එක මිටකට ගෙන දක්වා ඇති කවුරුත් අසා ඇති , නමුත් අගයක් නොදන්නා අනිත්‍යයානුසාර​ සුප්රසිද්ධ ගාථා වක් දේශනා කර තිබෙන බැවින් එය ද මේ අද්යයනය සඳහා ඍජුවම යොදා ගත හැක​.
එය නම් අනිච්ඡා වත සංඛාරා..... ආදී ලෙස ඇති ගාථා රත්නයයි.

--------------------------------
මෙහිදී කිව යුතු වැදගත් දෙයක් නම්, ඒ මහඟු දහම මළ මිනියකට බාර දී ඒ වෙනුවට බොහෝ අය බුදු දහම සංක්ෂිප්තව ඇති සේ සලකන්නේ "සබ්බ පාපස්ස අකරනං ...." ආදී ලෙස ඇති ගාථාවය​.
නමුත් "සබ්බ පාපස්ස අකරනං ...." හී කියවෙන්නේ ගැඹුරු දහමක් හෝ බුදු හිමියන් නි ර් වාණය​ සඳහා ගත් මග හෙලි පෙහෙලි කිරීමක් නොව, සරල ලෞකික සාපේක්‍ෂ​ ගුනවත් කරුණුය .

බොහෝ අය කියතත්, සබ්බ පාපස්ස අකරනං .... ගාථාවෙන් බුද්ධ​ ද ර් ශනය​​​ සොයා ගත නොහැක​.

ඇත්තටම එය වරදක් නැති , උතුම් අදහස් සහිත 'පතෝල​'  ගාථාවකි.
'පතෝල' කිව්වේ  බුදු දහමේ හරය නොපෙන්වන නමුත් වරදක් නැති  ජීවන දර්ශනයක් නිසාය​.

Tuesday, June 6, 2023

Buddha didn’t preached about Suffering !

 

 Buddhism is Not about Suffering !


Universal misunderstanding about what Buddha discovered and preached .


Friday, June 2, 2023

තත්වය ද තත්ත්වය ද ? විද්‍යාලය ද විද්‍යාලයය ද ?

 තත්ත්වය

  'තත්' යනු මෙම (මොහොත​)  වේ. 

උදා: තත්කාලය​.


'ත්වය' යනු ස්වභාවයයි.  

  විරුද්ධ + ත්වය = විරුද්ධ ස්වභාවය - විරුද්ධත්වය  ​.

සාර් ථක​ත්වය - සාර් ථක​ ස්වභාවය

කෲරත්වය , වීරත්වය​,   මේ ආකාර වේ.


මේ මොහොතේ පවතින ස්වභාවය හෙවත් වත්මන් ස්වභාවය​ ලිවිය හැක්කේ 

තත් + ත්වය  ලෙසය​. 

'ත්' + 'ත්' සන් ධි වීමක් සිදු නොවන බැවින්

 තත්+ත්වය   = තත්ත්වය ලෙසම​ ලියැවේ.

ඒ නිසා    තත්ත්වය ලියන්නේ 'ත්' දෙකක් සහිතවය​

තත්වය හී අරුතක් නැති අතර නිවැරදි වදන  තත්ත්වය යි.


විද්‍යාලයය 

 විද්‍යා ආලය  යන පද දෙක සන් ධි වී හැදෙන ක්‍රියා පදය අනුසාරයෙන් හැදෙන වදනකි.

විද්‍යා යනු දැණුම​.  

ආලය යනු ආශාව​, කැමැතිවීම යි. 

විද්‍යා+ ආලය = විද්‍යාලය 

විද්‍යාලය යනු විද්‍යාවට ආලය කිරීම හෙවත් දැණුමට දක්වන ලැදියාවය​.

එය  ස්ථානීය​ නාම පදයක් කිරීම හෙවත් විද්‍යාවට ආලය කරන ස්ථානය කිරීමට අගට 'ය​' යන්න එකතු කළ යුතු වේ. 

  පදයක්  ස්ථානීය​ නාම පදයක් කිරිම අගට 'ය' යෙදීමෙන් සිදු කෙරේ.

එවිට නිවැරදි පදය - විද්‍යාලයය  වේ.  

ඒ නිසා  විද්‍යාලයය ලියන්නේ 'ය​' දෙකක් සහිතවය​.

සුජාතා විද්‍යාලය  යනු සුජාතා නම් ගැහැණු ළමයා විසින් විසින් විද්‍යාවට හෙවත් දැණුමට  දක්වන ආදරයයි.

සුජාතා විද්‍යාලයය  යනු පාසලකි.​

පුස්තකාලයය ද මෙවැනිමය​. 

නමුත් ජාත්‍යාලය  එක 'ය' යන්නකි. ඒ එය ස්ථානයක් නොවන නිසාය​.


Monday, May 29, 2023

මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !

 මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !

මීට වසර 106 කට ඉහත 1917 දී තම රෝහලේ සිටි මැලේරියා රෝගීන් ගෙන් ගත් ලේ වෙනත් රෝගීන් ට හිතුමතේ එන්නත් කර ඒ රෝගීන්ටද මැලේරියාව බෝ කළ දොස්තර මහතෙක් ඒ නිසාම වෛද්ය විද්යාව පිළිබඳ නොබේල් තෑග්ග දිනා ගැනීමේ පුදුම සිද්ධිය දන්නා අය දැන් අල්පය.
එම සිද්ධිය කාලයේ වැලිතලාවෙන් වැසී ගියේ ඊට වසර කිහිපයකට පසු ඇලෙක්සැඬර් ප්ලෙමිං විසින් කළ තවත් ඓතිහාසික සොයාගැනීමක් නිසාය​.
ඔබ අප දන්නා ඇන්ටිබයොටික් හෙවත් බැක්ටීරියා නාශක ඔසු 20 වන සියවසේ මුල් භාගයේ තිබුනේ නැත​. අද වයස 75 ක් වන අය කුඩා කල එවැනි බෙහෙත් ලොව නොතිබුනි.
සමහර බැක්ටීරියා වලින් වැළඳෙන රෝග වලින් දුක් විඳ මියයන මිනිසුන් දහස් ගණනක් වීය​.
Treponema pallidum නම් බැක්ටීරියාවේ ක්රියාවන් නිසා ඇතිවන සිෆිලිස් නම් රෝගය එවැන්නකි.
එම බැක්ටිරියාව සාමාන්යයෙන් ජීවත් වන්නේ ඉකිලි, මුඛය​, ලිංගික ස්ථාන වැනි ආවරණය වූ තැන්වල අඩු ඔක්සිජන් තත්ත්ව යටතේය​. එනිසා එය ලිංගිකව බෝවන රෝගයක් ලෙස සැලකේ.
තාපය​, වියලි බව හා ඔක්සින් සහිත නිරාවරණ තැන්වලදී එය මියයයි.
මූලික සිෆිලිස් තත්ත්ව වලදි උණ , වේදනාව​, කුද්දෙටි ආදිය රෝග ලක්ෂන වේ. කල් ගතවන විට සිරුරෙ ඕනැම සෛලයකට හානි කළ හැක​. ස්නායු හා මොළයට හානි කිරීමට පටන් ගැනීමත් සමග Neurosyphilis දක්වා වර් ධනය​ වී විකුර් ති හැසිරීම් සහිත ඉතා වේදනා කාරී වසර කිහිපයකින් පසු රෝගියා මරණයට පත්වේ.
තමා සේවය කළ රෝහලේ සිය ගණන් සිපිලිස් රෝගීන් මෙම අවසන් අවස්ථාව ට පත්ව මොළය ආසාදිත වී වසර ගණන් දුක් විඳ අනිවාර්ය මරණය කරා යනු අත්දකින වැනීසියේ ස්නායු ශල්ය වෛද්යවරයකු වූ ඔස්ට්රියන් ජාතික​ ජුලියස් වැග් නර් එක් දිනයක යම් තීරණයක් ගති. එනම් රෝගීන් ගේ සිරුරේ ඌෂ්ණත්වය ඉහල දැමීම මගින් සිෆිලිස් බැක්ටීරියාවෙ ක්රියා කාරිත්වය අඩපන කළ හැකිදැයි බැලීමය​.
එකල ලොව පුරා මැලේරියාව බෝ වෙමින් තිබුනි. [ලංකාවේ ද යටත් විජිත සමයේ හා ඉන් පසුවද මැලේරියා වසංගතයෙන් බොහෝ අය මිය ගිය අතර 2012 සිට ලංකාව මැලෙරියා තුරන් කළ රටක් ලෙස සහතික ලැබීය​.]
මැලේරියාව වැළඳි රොගින් අධික උනෙන් වෙව්ලීම සාමාන්ය දෙයකි.
ඔහු මැලේරියා රෝගීන් ගෙන් ගත් රුධිරය සිෆිලිස් රෝගින් රාශියකට එන්නත් කර ඔවුනට මැලේරියාව බෝ කළේය​. කිසිවකුගෙන් අවසර ගැනීමක් හෝ ජීවිත අවදානම ගැනීමක් නොතිබුනේ ඒ රෝගීන් ටික කලකින් මැරෙන්න හරිනු හැර වෙනත් ප්රතීකාරයක් එකල නොමැති වූ නිසාය​.
ඔහු ගේ දැක්ම නිවැරදි විය​. මැලේරියාව බෝකළ රෝගීන් ගෙන් වැඩි දෙනෙකු ගේ සිරුරේ වූ සිපිලිස් බැක්ටීරියාව​ අධික ඌෂ්නත්වය නිසා විනාශ වී ගිය බව තහවුරු විය​​. මැලේරියාවද උත්සන්න වීමට නොදී ක්වීනින් ලබාදී සුව කෙරිණි. අසාද්ය , දුර්වල සිෆිලිස් රෝගින් 15% ක් පමණ දෙනා මැලේරියාවෙන් මියගිය අතර ඉතිරි අය සුවය ලැබ නීරෝගී විය​.
මෙම වෛද්ය ක්රමය මැලේරියොතෙරපි නමින් ප්රසිද්ධ විය​. මෙම සොයා ගැනිම හේතුවෙන් 1927 දී වෛද්ය වැග් නර් ට වෛද්ය විද්යාව පිළිබඳ නොබේල් තෑග්ග පිරිනැමිණි. අද ඕස්ට්රියාවේ විවිධ මාවත්, පාසල්, රෝහල් ඔහුගේ නමින් නම් කර තිබේ.
මෙහිදී අප දැනගත යුතු වැදගත් දෙයක් නම් බැක්ටීරියාව, වෛරස් ආසාදනයකදී සිරුරේ ඌෂ්නත්වය ඉහල යැවීම රෝග කාරකයා අඩපන කර විනාස කිරීම සඳහා අපේ පද්ධතිය මගින් කරන එකාබද් ධ ප්රහාරයක එක් කොටසක් බවය​.
සිපිලිස් ආදී බැක්ටීරියා තාප සංවේදීබැවින් අපට ඔරොත්තු දෙන මට්ටමේ ඌෂ්නත්ව ඉහල යෑමකදී පවා ඒවා අඩපන වේ. සිරුර තුල සිටිමින් කෝටි ගණනින් ගුණනය වීමේ ක්රියාවලිය අඩපන වේ. එවිට ප්රතිදේහ වලට සිය කාර්යය කිරීම පහසු වේ.
අපේ බොහෝ මව්වරු කෙනෙකුට උණක් හැදී ගෙන එන විටම පැනඩෝල් පොවා කරන්නේ කුමක් ද යන්න මෙහිදී සිතා බැලිය යුතුය​.
අංශක 104 F ට වඩා ඉහල යෑම නුසුදුසු බැවින් උණ පාලනය කිරීම සඳ්හා ඔසු ලබාදීම වැදගත් නමුත් සාමාන්ය මට්ටමේ උණ පවතීනම් එය බලෙන් බැස්සවීම රෝගය සමග සටන් කරන සිරුරේ ආරක්ෂක පද්ධතියට කරන බාධාවක් විය හැක​.
බැක්ටීරියා රෝග වලට බෙහෙත් නොතිබුන කාලයක මැලෙරියාතෙරපිය නොබේල් තෑග්ග දිනන්න තරම් වැදගත් දෙයක් වු නමුත් ඉන් ටික කලකට පසු ලෝකයේ ප්රථම සාර්ථක ප්රතිජීවක ඖෂධය සොයා ගැනීමත් සමග එහි වැදගත් කම හීන වී ගියේය​. එ නිසාම වෛද්ය තුමාගේ නාමය අද ලොව බොහෝ අය​ දන්නේ වත් නැත​.
1930 ගණන් වල දී පෙනිසිලින් ගැන දැනගත් අතර 1948 න් පසු ප්රථම ප්රතිජීවක ඖෂධය ලෙස​ බහුලව යොදා ගැනුනි.
මෑත භාගයේ AIDS සඳහා ද මැලේරියාතෙරපිය යොදා ගැනීම ගැන උත්සාහයන් කෙරී ඇත​.



නිරපරාදේ කඩා වැටුන ජපාන සඳ යානය​ Hakuto-R

 පරිගණකයේ කෝඩිං වල දුර් වල​තාවකට වඩා කෝඩ් කළ අවශ්යතා විශ්ලෙශනයේ බාල බව නිසා නිරපරාදේ කඩා වැටුන ජපාන සඳ යානය​ Hakuto-R

----------------------------------------------------------------
1990 දී සඳ වටා යානයක් යැවූ ජපානය මෙවර ප්රථම වරට සඳට ගොඩ බැසීමට යානයක් නිපද වීය​. ඒ ජපාන රජය නොව මහජන කොටස් නිකුත් කළ පුද්ගලික සමාගමක් මගිනි.
ඉතා සාර් ථකව​ ගුවන් ගත කර පොලෝ කක්ෂයෙන් මිදී සඳ කක්ෂයටද නියමිත ලෙස ඇතුලු වූ ජපාන චන් ද්ර ගවෙශන යානය සඳට ඉතා නිවැරදිව පහත් කරමින් තිබෙන අතරේ අවසන් මොහොතේ සඳේ සිට තමන් ට ඇති උස වැරදියට ගණනය කිරිම නිසා පාලනය අතරමං වී අන්තුරට පත් වීය. April 26 2023.
සඳට තව දුරක් තිබියදී ඉහල අහස චන් ද්ර පෘෂ්ඨය සේ ගණනයෙන් තීරණය වීම නිසා අහසට ගොඩ බැස ඉන් ධන අවසන් වී රොකට් නිවීමෙන් එය එතැන් සිට කිලෝ මීටර් 5 ක් පමණ පහලට කඩා වැටී ඇති බව හෙලිවිය.
මෙම යානය සඳේ සිට ඇති උස මැන ඇත්තේ සංවේදක කීපයක ආධාරයෙනි. ඉන්පසු එහි මද්ය අගය ගෙන එය වඩාත් නිවැරදි උස ගැනිමට පරිගණක වැඩසටහන ලියා ඇත​.
උදා: 1 වන සංවෙදකය - මීටර් 200.4 ,
2වන සංවෙදකය - මීටර් 200.8 ලෙස කියැවීම් ලැබුන විට,
උස altitude = (200.4 + 200.8 ) / 2 = 200.6 ලෙස ගැනේ.
සඳට ගොඩ බසින තැන තැනිතලාවක් නම් මෙම චින්තනය වරදක් නැත​. නමුත් උස් කඳු ගල් කුළු තිබුනු විට කුමක් වේද ?
කලින් සැලසුම් කර තිබුනේ තැනිතලා බිමකට වන අතර අවසන් කාලයේ වඩාත් වටිනා තොරතුරු ලබා ගැනීමේ අටියෙන් කඳු ශිකර සහිත පෙදෙසක් තෝරා ගෙන​ඇත​.
අවාසනාවකට , මෙම යානය පහත් කළේ එලෙස අතරින් පතර උස් කඳු ශිකර අහසට නැඟ තිබූ පෙදෙසකටය​.
එහිදී සිදු වූයේ කුමක් ද ?
එක් අංශක ගණනකට යොමුව තිබූ සංවෙදකය නිවැරදිව පොලොවේ සිට ඇති උස ලබා දෙන අතර අංශකයක් වෙනස් ව සවිකර තිබූ සංවෙදකය ලබා දුන්නේ ගොඩ බසින මඟ අසලම එය එල්ලේ තිබූ කඳු හෙලකට ඇති දුරය​.
උදා: 1 සංවෙදකය - මීටර් 8000, 2 වන සංවෙදකය මීටර් 240 .
මද්ය උස ලෙස (8000 + 240) / 2 = 4120.
නමුත් ඇත්ත උස 8000 .
තවත් මතයක් වන්නේ මෙයින් අඩු දුර කියවීම (240) ඇත්ත දුර ලෙස පරිගණකය විසින් තීරණය කරන ලෙස වැඩසටහන ලියා ඇති බවය​.
පොලොවට ඇති උස සංවෙදක දෙකෙහි මීටර් 1 හෝ 2 කට වඩා වෙනස් ව ලැබෙන්න ඉඩක් නැති නමුත්, මෙහිදී ඉතා වෙනස් කියවීම් දෙකක් ලැබුන විට එහි යම් වරදක් ඇති බව තීරණය කරන කොටසක් කෝඩ් වල ලියා තිබී නැත​.
මෙම අතපසු වීම නිසා යානය ඉහල අහසේ තිබියදී පරිගණකය ට තීරණය වීඇත්තේ පොලොවට ඉතා ආසන්න බවය​. එනිසා යානය පොලොව යැයි සිතා ඉන් ධන වැයකර සෙමින් පහත් වෙමින් ඉහල අහසේ ගොඩ බසින්න උත්සාහ දරා ඇත​. එතැන් සිට වූ ව්යාකූලත්වය තේරුම් ගත නොහී අතරමංව ඉන් ධන අවසන් වී එය වේගයෙන් ඇදී විත් සඳ මතට කඩා වැදී අබලන් වී ඇත​.
සංවේදක දෙකෙහි කියවීම් වල වෙනස යම් අගයක් ඉක්මවනවාද යන්න හා යම් කියවීමක් එකවරම ඉහල යනවාද යන්න​ පරීක්ෂා කිරිමට සරල කොටසක් ලියා තිබුනේ නම් ජපාන යානය අද සඳ මත නිරුපද්රිතව ගොඩ බැස ක්රියා කරන්න තිබුණි.
උදා: if (Reading A - Reading B ) > 2metres then -> average calculation is wrong.
පේලි 2 ක කෝඩ් නොමැතිවීම නිසා කෝටි ගානක මුදල් ද ඉහලම විද්යාඥයන් ගේ කාලය හා ශ්රමයද වැනසී ගොස් ජපාන සඳ වැඩසටහන පසුබෑමකට ලක්වීය​.
සමාගමේ කොටස් මිල දැවැන්ත කඩා වැටිමකට ලක්වී ඇත​.
මෙම යානය පාලනය සඳහා පරිගනක වැඩ සටහන සපයා ඇත්තේ ඇමෙරිකනු සමාගමකි.

Wednesday, May 24, 2023

Vol.I. බුදු දහම - අනිත්‍ය අද්‍යයනය - බුදු හිමියන් ලෝකාවබෝධය සඳහා කළ විශ්ලෙශනය -​ නිවන .

බුදුන් දෙසූ දහම

 මෙම  වෙළුමේ  ඇත්තේ පහත  කරුණු සනාථ කිරීමේ මූලික සාකච්ඡාව ය​:

• අප ඉපදීම නිසා දුක් විඳිනවා කියා   බුදු හිමියන් දෙසා නැත​.

• අනිත්යය යනු දිගටම සිදුවන වෙනස්වීමක් නොවේ.
• නිවන් දැකීම යනු මෙලොව ඉපදුන නිසා විඳිනවාය කියන දුක් විඳීම නැතිකර ගැනිම නොවේ.
• අවිද්‍යාව .

බුදු හිමියන් දෙසූ සත්‍ය දහම සොයා යාමේදී මුලින්ම වටහා ගත යුතු දේ නම් අනිත්‍යතාව යනු කුමක් ද යන්නය​.

එයට හේතුව නම්, නිවන් මග අවබෝධ කරගැනිම සඳහා ලෝකය විශ්ලෙශනය  කළේ අනිත්‍යතාව පදනම් කරගෙන නිසාය​.

එනිසා දුක්ඛ යනු කුමක් ද​, එයට හේතුව කුමක් ද ආදී ලෙස ලබන​ අවබෝධයෙන් නිර් වාණය සාක්‍ෂාත් කර ගැනීම සඳහා මූලිකව හරියටම තෙරුම්ගත යුතු දෙය නම් බුදු හිමියන් විසින් දැක වදාල අනිත්‍යතාව යනු කුමක්ද යන්න​. 

 මෙම  වෙළුමේ   මෙතැන් සිට ගෙනෙන්නේ,

බුදු දහමට අදාල 'අනිත්‍යතාව' ගැන දිගු විශ්ලෙශනයකි.

දැනට ඒ ගැන පවතින මත කිහිපයක් ගැන විශ්ලෙශනය කෙරේ.

ඉන්පසු ඊළඟ වෙළුම් වලදී දුක, දුකට හේතුව ආදිය ගැන සාකච්ඡා කෙරේ.  

අනිත්‍යතාව නිවන් මගෙහි දොරටුව වන්නේ ඇයිද  යන්නත් මෙම අද්‍යයනයෙන් විමසා බැලේ.