Wednesday, July 31, 2013

වීරයෝ සහ බොරු වීරයෝ

 මෙය කොළඹ කොටස් වෙළෙඳපලට අදාලව  වෙනත් තැනක පළ කළ කාරණයක් බව කරුණාවෙන් සලකන්න​


වීරයෝ සහ බොරු වීරයෝ
Post by Chinwi on Thu Aug 23, 2012 11:21 am SLEquity

වීරයෝ සහ බොරු වීරයෝ

දැනට මාෆියාවන් පිරිසිදු කිරීම ගැන අප සමග නිතරම වීර සෙයියාවෙන් කතා කරන මහත්මයෙක් සුළු කලකට ඉහත දී නිකරුනේ ඉහල යමින් තිබු "වැඩකට නැති" කොටස් 50,000 ක් මිලට ගත්ත. මිලට ගෙන ටික දිනකින් ඔහුගේ බලපොරොත්තු කඩ කරමින් මිල පහලට වැටුන. නෑ තව ටික දවසකින් අපහු නගියි කියමින් වෙනද වගේ හිත හදා ගෙන හිටිය.
ඔහු එම කොටස් මිලදී ගත්තේ තව ඉහල ගියා නම් තව ඒ වගේම කෙනෙකුට විකුණන්න නොවේ නම් අර කලින් වැඩිමිලට මිලට අරගෙන සිටි අහිංසකයා ගැන ඇතිවූ අනුකම්පාවෙන් නොවන බව කිව යුතු නොවේ.
කෙසේ හෝ මිල කෙමෙන් කෙමෙන් පහල බැස්ස නිසා නිසා ඔහුට තාමත් ඒවා තමා ළඟ තබාගෙනම ඉන්නට සිදු උනා.
මෙන්න දැන් ඔහු කොටස් මිල කෘතීම ලෙස ඉහල දැමීමේ වරද ගැන, පම්ප් ඇන්ඩ් ඩම්ප් කරන අය ගැන කතා කරනව. හැබැයි අවස්ථාව ලැබුන නම් තවත් ඔහු වැනිම කෙනෙක් අතට ඩම්ප් කර දාන්න නොවේද අර 50,000 ගත්තේ ?

බුල් මාකට් සමයේදී කොටස් මිල දිගටම ඉහල යද්දී සමහර කොටස් අන්තිම ජරාව බව දන දැනත් කීදෙනෙක් මේවා මිලට ගත්තාද. ඊට පසු 50% 100% ලාබ ගෙන විකුණා කවුරු කවුරුත් උදම් ඇනුවේ නැද්ද?
ගන්නට එපා කිවූ අපට සමහරු කෝචෝක් දැම්මේ නැද්ද?
ඒ ගත්ත අයත් බොරු මිලට මේවා ගත්තේ තව නැග්ගම තව කාගේ හරි ඇඟේ ගහන්න පුළුවන් වෙයි කියා හිතාගෙන නෙවිද ? අන්තිමේදී විකුණා ගන්න බැරුව හිරවුණ කි දෙනෙක් දැන් HNWI සහ කොටස් මාෆියාවක් ගැන පරිභව මුඛයෙන් කතා කරනවා ද?

තමනුත් ඔය බෝට්ටුවේම නැගල ගිය බව මේ කොටස් වෙළඳ පලේ 2010-2011 ගනු දෙනු කළ 90% දෙනෙක් නොකියතත් තමන්ගේ ගේ හර්ද සාක්ෂිය එය දනියි.
දැන් සියලු පවු වලට නම් වන්නේ HNWI නම් මැජික් පදය පමණි.
අපරාදේ තව ටික කලක් මෙහෙම ගියා නම් දැන් සිල් රකින, බණ කියන කීදෙනෙක් ට HNWI බවට පත් වෙන්න තිබුන ද?

මාද්‍ය මගින් නම ප්‍රසිද්ධ වූ නිසා කවුරුත් දන්නා දිලිත්, ධම්මික හා නිමල් ගැන මහා පණ්ඩිතයන් සේ කතා කරන මේ මහත්වරු මේ නැග්ගිල්ල කල සෙල්ලමේ නියමුවන් වූ සමහර තැරවූ කාර සමාගම් වල හොර පූසන් ගැන කිසිත් කතාවක් නොකරති.
මහත් වූ අවධානමක් ඇති බව දැන දැනම කිසිත් නොදත් අහිංසකයන් ගේ මුදල් මේ සෙල්ලම හොඳින්ම දන්නා අය ගේ ණය සමග එකට ගෙන කවුරුන් හෝ ඩම්ප් කරන ජරාවක් අරන් දැම්මේ කවුද?
ඒ මෙන්ම,
අප කිහිප දෙනෙක් මෙවැනි මාද්‍ය මගින් හා විවිධ තැන් වල දී මුහුණට මුහුණ ලා කෙරුණ කතා බහේ දී , සාකච්චා වලදී ගන්නට එපාම කියද්දීත් අපටත් දොස් කියමින් වැඩකට නැති විකට කොටස් ගන්නට තම තැරවූ කරුවන්ට බල කලේ කවිද?
මේ සුපිරිසිදු වෙළෙඳ පොලක් ගැන කතා කරන බොහෝ මහත්වරුන්ගේ මෙන්ම අප බොහෝ දෙනෙක් ගේ පොර්ට් ෆොලියෝ ඇතුලට මේ වැඩකට නැති කොටස් රිංගුවේ කෙසේද?

මේ කිසිවක් හරිහැටි හිතා ගන්න බැරුව ඉන්න 2011-2012 කාලයේ කොටස් ගැනීමට පළමු වරට ප්‍රවේශ වූ අය වැඩි දෙනෙක් තමන් ගේ මුදල් වටිනාකම 20- 30 % දක්වා හෝ ඊටත් අඩු කරගෙන විස්සොපව සිටිති.
දැන් ඇතිවී තිබෙන කොකුම අපරාධය නම් මේ නවකයින් තවතවත් මුලාවේ වැටීමය. දැන් මේ අය සිතන්නේ තමන් තම අමාරුවේ වැටුනේ තමන් විසින් කරන ලද අඩුපාඩු සහිත, අත්දැකීම් අඩු ආයෝජන තීරණ නිසා නොව වෙළඳ පලේ තිබු මාෆියාවක් නිසා බවය.
ලොව ඕනෑම තැනක ඕනෑම බිස්නස් එකක් කරන්නේ කාටවත් අනුකම්පාවෙන් නොවේ.
ඕනෑම කොටස් වෙළෙඳ පොලක විවිධ ක්‍රම මගින් කොටස් මිල ඉහල හා පහල යවන බව අප දැන ගත යුතුය. එ අනුව තීරණ ගැනීම ආයෝජකය ගේ වගකීමය.
මසුන් අල්ලන්නට මුහුදට බහින විට එහි සිටිය හැකි මිනි මෝරුන් ගැන දැන ගැනීම අපට බාරය. අපිව බේරා ගන්නට කිසිවෙක් එන්නේ නැත.
තුන්ඩු කැල්ලක කොටස් වල නම ලියා බිම දමා ගොස් එය අහුලා ගත් අය මගින් buying pressure එකක් ඇති කර ඩම්ප් කර කෝටිගණන් හොයන අය ගැන කියවා ඉගෙන ගත යුතුය. තමන් ළඟ ගොඩ ගසා ගත් කොටස් අපිට ලාබ ගෙන දෙනු වස් "අමාරුවෙන් අරන් දෙන" අපේ හිතාදර බ්‍රෝකර් මල්ලි ලා ගැන දැන ගත යුතුය . යාළුවන් හා එක්ව එකම කොටසක් මිලට ගෙන මිල ගණන් ඉහල නැග්ගිම ලෝකයේ ඕනෑම තැනකදී පොදු දෙයකි.
මේවා මාෆියා නම් මාෆියා නැති කොටස් වෙළෙඳ පොලක් ගැන කතා කිරීමත් විහිළුවකි.

ඔය ලොකු ලොකු අය මෙන්ම පසුගිය සමයේ කොළඹ වෙළෙඳපොලේ ගනු දෙනු කළ පොඩි පොඩි අයද වැඩි දෙනෙක් කළේ එකම සෙල්ලමය.
තවත් කාට හරි ලාබ සහිතව ඩම්ප් කරනු නියාවෙන් දැන දැනම නො වටිනා කොටස් රුපියල් සියය දෙසියය දී අරගෙන දැන් තමන් කළ ගොන් කම් වලට තමන්ගේම ඔලුවලට ටොකු ඇන ගනු මිස එකම සෙල්ලමේ යෙදී සිටි තව කාගේ හෝ නමකට තඩි බෑම හිතේ අමාරුව නැතිකර ගන්නට පමණක් හොඳය.

ලංකාවේ මිනිස්සු වැඩි දෙනා දන්නේ පල ගත් රුකට ගල් ගසා අඹ කඩා ගන්න බැරිවූ කළ පලබර වූ රුකට පරිභව කරන්නට විනා තමන් පැලයක් සිටුවා පල ගන්වන්නට නොවේ.
මේ පම්ප් , ඩම්ප් හෝ වෙනයම් ඕනෑම සෙල්ලමකින් මේ අයගෙත් සාක්කු පිරුනානම් මේ වීරයන් වී සිටින අයගෙන් කීදෙනෙක් ගේ කටවල් ඇරෙයි ද ?

ගිය සුමානේ 2.50 ට ඕන තරම් ගන්නට තිබී අද 3.50 ට ඔබ මිලට ගන්නා BIL ලබන සතියේ කට්ටිය එක් වී 20 ට 25 ටඉහල යැව්වොත්
"අනේ මිල වැඩියි. ගන්න අය අමාරුවේ වැටෙයි. ගාන අඩු උනාම දෙන්නම්" කියා තියා ගන්නවද ?

වීරයන් ගැන මෙන්ම බොරු වීරයන් ගැනද දැනගෙන සිටීම යහපති.
බොහෝ අය අමාරුවේ වැටෙන්නේ බොරු හිතවතුන්, බොරු වීරයන් පසු පස යාමෙනි.

---

කොටින්ම කියනවනම් මේ junk share සෙල්ලම් ගැන innam හා මට දැන් නම් මතක නැති කිහිප දෙනෙක් දිගින් දිගට අනතුරු ඇඟවුයේ කට්ටිය වැඩේට පොරොන්දම් බලන කාලේ.

ඒ කාලේ ඔය දැන් කෑගහන අය නිදාගෙන හිටියේ. ඇත්තට හෝ බොරුවට. එහෙම නැත්නම් කවුරුත් ගලන ගඟෙන් දිය දෝතක් න්‍යායයේ හිටිය. මේවට විරුද්ධව එක ලිපියක් අපිට පත්තරේක දාගන්න බැරි උනා. මේ වගේ බ්ලොග් විතරයි තිබුනේ ලියන්න.

වැඩේ වෙලා, බබා හම්බවෙලා බබත් ලොකු උනාට පස්සේ මාද්‍ය මගින් දැන් මේ ගෝසා කරන්නේ අපිට ආදරේකට ද?
දැන් ඔක්කොම ඉවර උනාට පස්සේ පටු දේශපාලන හෝ වෙනයම් අරමුණු තකා මාෆියා කතා ප්‍රචාරය කලාම වෙන්නේ යන්තම් බැස්ම නැවතිලා උඩට යන්න හදන මාකට් එක යලි අඩපන වෙන එක.
එකෙනුත් කෙල වෙන්නේ අපටමයි.

මට හිතෙන ලෙස SEC එකට හා එහි නියමුවාට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීම ගැනත් කවුරුත් වග කියන්න ඕන. කොටස් වෙළෙඳපොලක් වැටෙනකොට මුක්කු ගහන්න නොවේ SEC එකක් තියෙන්නේ. ඒ වගේම අපි හොරු අල්ලනවා කියමින් වහසි බස් දොඩන එක ට වඩා වෘත්තිමය පරිචයක් SEC එකකට තිබිය යුතුයි.


No comments:

Post a Comment