Saturday, June 17, 2023

Vol IV - කසින භාවනාව හා මරණානුස්මෘතිය​

 කසින භාවනාව


කසින භාවනා ව යනු 'කසිනයක්' ඉලක්ක කරගෙන සිත යොමු කිරීම පුහුණු වීමය​. එවිට ක්‍රම ක්‍රමයෙන් තැන්පත්ව  එක් අරමුණක් ගැන පහසුවෙන්  විශ්ලෙශනය කිරීමට හෙවත් විදසුන් වැඩීමට සිත හුරු වේ.
(මෙය ලෞකික විෂයයන් අද්‍යයනය කිරිම හා විභාග පාස් වීමටද යොදා ගත හැක​.)

කසිනයක් යනු යම් පසුබිමක ඇසින් වෙන්කර බලා සිටිය හැකි යම් කුඩා ස්ථානයක් හෙවත් වස්තුවක් වේ.   බිත්තියක ඇලවූ අත්ලක පමණවූ  වර් ණ​ කාඩ්බෝඩ්  හෝ කොල රවුමක් වුවද කසිනයකි.
එය ආසන්නයේ තවත් දේ එල්ලා නොතිබීම පහසුවකි.

දැනටමත් සිත තැන්පත් අයකුට බිත්තියක ගසා ඇති ඇනයක් වූවද කසිනයක් විය හැක​.   එළිමහනේ නම් ගසක ස්ථිරව ඇති පැහැදිලිව වෙන් ව පෙනෙන දෙයක් වූවද කසිනයක් කර ගත හැක​. නමුත් මැසි මදුරු කරදර ඇති පලාත් වල එළිමහන අපහසු විය හැක​.  එමෙන්ම කසිනය අවට පසුබිම තනි වර් ණ යෙන් ඒකාකාර වීම  වඩා පහසුය​.

කසින භාවනාව කරන්නේ මෙසේය​.

  තමා තෝරා ගත් හෝ සකස් කර රඳවා තැබූ   කසිනය එක එල්ලේ පෙනෙන ලෙස පහසුවෙන් වාඩිවී සිට  ඒ දෙස බලා සිටින්න​.
වෙනත් දේ ගැන සිතට කරුණු ඒම බලෙන් යටපත්  කරන්න නොයා   කසිනය දෙසට උනන් දුව ඇති කර ඒ දෙස   බලන්න​.
  ලොකුවට නොසිතා, "ඔන්න මම ලොකු භාවනාවක් කරනවා" යැයි නොසිතා ඔහේ බලා සිටින්න​. 

ඒ අතර ඇස් පිල්ලම් ගැසීම සාමාන්‍ය පරිදි  සිදුවෙන්න අරින්න​.    කිහිප  දිනක් ටික වේලවක් බැගින්  මෙසේ කර​  සිත ගත තැන්පත් වී    එයට හුරු  වීමෙන් පසු, මෙය කිරීමේදී වරින් වර​ ඇස් මොහොතක්   වසා එදෙසම බලා ඉන්න​.       ඔබ ඇස් වසා ගත් මොහොතක වුවද  අර කසිනය  හෙවත් වෙන්වූ රූපය​ විසින් සිතේ ඇඳුන රූපය දිගටම පෙනෙනු ඇත​.  
 (එය අමුතු දෙයක් නොවේ. ඇසේ / මොළයේ සාමාන්‍ය තත්වයකි. බොහෝ විට පසුබිමේ හා එහි  වර් ණ  මාරු වී පෙනේ.) 

වරින් වර මෙසේ ඇස් වසමින් එම රූපය නරඹන්න​.  කෙමෙන් ඇස් වසා   වසා ගෙන ඉන්න​ කාලය වැඩි කර ගනිමින් එය නරඹන්න​.
එක් දිනකදී හෝ දිනපතා නොව තමන් ට  පහසු මතක් වූ වේලාවක මෙය පුහුණු වන්න​.  මනසට පීඩා වන අයුරින් නොව පහසු ලෙස​.

කල් ගත වනවිට දිගු වේලාවක් ඇස් වසා ගෙන සිටියද මනසට එම රූපය පෙනෙනු ඇත​.   දිනකට විනාඩි කිහිපයක සිට උපරිම පැයක් පමණ කලාම ප්‍රමාණවත්‍ ය​. 
මෙයට අනවශ්‍ය ලෙස ගැති වීම නොකළ යුතුය​.

සිත මෙසේ පුහුණු වූ පසු බිත්තියේ එය නොමැති විට හෝ වෙනත් තැනක හෝ  වාඩිවී  හෝ හිටගෙන පවා තැන්පත්ව ඇස් වසා අර   තිත , ලකුන  හෝ ලපය​  සිතින් මවා ගෙන නැරඹිය හැක​.

මේ තත්ත්වය එන විට සිත ඒකාග්‍රතාව හෙවත් එක් අරමුනක් කරා යොමුව සිටීම​ කෙරෙහි පුහුණු වෙමින් සිටී.  සිත තැන්පත් වීමට සමාධි ගත වීමට හුරු වෙයි.

කසින භාවනාවේ මූලික අරමුණ නම් යමක් වෙත සිත යොමුකිරීමට පුහුණු වීම  හා ඒ අනුසාරයෙන්   සමාධි ගතවීමට සිත ඉගෙන ගැනීමය​. 

ඉන් පසු කසිනය මතකයට නොගෙනම   ඇස් වසා ටික වෙලාවක් තුල සිත තැන්පත් කළ හැක​. එය කල් ගත වන විට ක්‍ෂනිකව සමාධි ගත වන තරමට පුරුදු වේ.   තවදුරටත් කසිනය යොදා ගැනීමේ අවශ්‍යතාවක් නැත​.   සිත  එම තත්ත්වය​ හඳුනා ගත් පසු ඕනෑම අවසථාවක​ ක්‍ෂනිකව සමාධි ගත වීමට තරම් හැකියාවක් ලැබේ.

    සමාධි ගත කිරිමේ හැකියව ලැබූ අයකු ඉන් පසු  භාවනාවේ යෙදීමේදී  සිතට වෙනත් සිතුවිලි , පරණ සිද්ධි, අතීත මතක ආදිය මැවී මැකී යන තත්ත්ව  ඇති නොවී  නිසල දිය පිරුණු විලක් මෙන් නිසසලව  පවතී.

වෛද්‍ය විද්‍යාත්මකව :
 මෙහිදී සිදු වන්නේ  ඇස් කණ් නාස් ආදියෙන්  එන  දහසකුත් එකක් පණිවිඩ  විකේතනය කිරීම හා ඒවාට ප්‍රති ක්‍රියා දැක්වීමට සිදුවීම   නිසාත්, සිත තුලම හට ගන්නා   ආශා, සැලසුම්, ලාබ , පාඩු, කලකිරීම්, අතීත මතක  ආදී සිතුවිලි නිසාත් අපේ මොලය  පුරා  දහසකුත් එකක්   තැන්වල  සාමන්‍ය අවස්ථා වලදී  කෙරෙමින්  තිබෙන නියුරෝන් ශක්ති ආරෝපන ක්‍රියා   වලිය එම සිතුවිලි අවම වීම නිසා  කෙමෙන් නිවී යෑමකි.  
 
අපේ ගත හෙවත් මාංශපේෂීන් සහිත සිරුර  ශක්තිමත් වන්නේ ඒවා වැඩ කරව රත් කිරීමෙන් වන අතර මොළයේ   සැමවිටම රත් වී තිබෙන කොටස් නිවා දැමීමෙන් එහි නියුරෝන  වර් ධනයක් සිදුවේ.    නින් දෙදී ද  මෙය යම් තරමකට සිදු වූවත් නින් ද යනු මොළය එලෙසම නිවීමක් නොවන බැවින්  එම තත්ත්ව දෙක වෙනස් ය​.  

මොළයේ මූලික පදාර්ථය වන නියුරෝන් නැවත වර් ධනය කල හැකි බව වෛද්‍ය විද්‍යාව විසින් සොය ගෙන ඇත​. නියම ලෙස සමාධියට පිවිසීමේදී  මොළයේ  ඉදිරි කොටසේ ‍‍‍ (පූර්ව ඉදිරිපස බාහිකය pre-frontal cortex )      නියුරෝන් වර් ධනය වී එය වැඩී බලවත් වන බව සොයගෙන ඇත​.  
මොළයේ එම කොටසින් සංකීර් ණ​ සංජානන හැසිරීම් සැලසුම් කිරීම, පෞරුෂත්වය   පිළිඹිබු වීම​, විශ්ලෙශනය කර තීරණ ගැනීම සහ සමාජ හැසිරීම් මෙහෙයවීම කෙරේ.   

The prefrontal cortex (PFC) is the cerebral cortex covering the front part of the frontal lobe. This brain region has been implicated in planning complex cognitive behavior, personality expression, decision making, and moderating social behaviour.




  සමාධි  සුවයෙන් සිටීම මනසට සහනයකි. ඒ වගේම​,  එතනින් නොනැවතී   විදසුන් වැඩිඩීමට යා යුතුය​.   වෙනත් ආරකින් කියතහොත් විදසුන් වැඩීම සමාධියෙන් පසු පහසු වේ.   විදසුන් වැඩීම යනු මනස හෝ සිත හා ගත ක්‍රියා කරන අන් දම අද්‍යයනය කර අප ජීවත් වෙනවාය කියන්නේ කුමක් ද කියා අවබෝධ කර ගැනීමය​. බුදු හිමියන් එදා බෝ මැඩ දී කළේ ඒකය​.   අප මෙහි මුල සිට කළේ ඒ ආකාරයේ   මූලික​ විමසුමකි.


මරණානුස්මෘතිය​

කය දිරනවා  මැරෙනවා  මැරෙනවා මැරෙනවා කියමින් අප කෙදිනක හෝ මැරෙන බව සිහිකරමින් ඉන්න දෙන උපදෙස් , බණ වැහි වැහැලා. භාවනා පංති පවා තියෙනවා මැරෙන බව හිතමින් ඉන්න​. 


මේ කාරණයේදීත්  බුදු හිමියන් ගේ දහම එතරම් ප්‍රාථමික කවුරුත් දන්න දෙයක් මත ගොඩ නැගේ ද කියා හිතන්න වෙනවා. 
  අප  මැරෙන බව දැනගන්න බුදු වෙන්න ඕනද ?   බුදු හිමියන් දෙසන්න ඕනද ?
කොටින්ම​,   මැරෙන බව හිතමින් හිටියට නිවන් යන්න පුලුවන් කියා හිතනවද ? 

සාමාන්‍ය ජිවිතයෙදී අනුනට කරදරයක් වීමෙන්​​,  අධික තන් හාව මත කරන දෙයින් වැලකීමට නම් මැරෙන බව දැනගෙන ජීවත් වීම හොඳයි. 

නමුත් එය නිර් වාණාවබෝධය සඳහා උපයෝගි නොවේ. 

එසේ වුවත් නිර් වාණාවබෝධය සඳහා උපයෝගි  කරගත හැකි, කරගත යුතු මරණයක් ද තිබේ. 

මරණානුස්මෘතියෙන් වඩන්න අවශ්‍ය අන්න ඒ මරණය මිස සරීරය මැරෙන එක නොවේ.

ඒ තමයි , 
අනිච්ඡාවත සංඛාරා ගාථාවේ එන උප්පජිත්වා නිරුජ්ජන්තී කියන මරණය​.

අන්න ඒ මරණානුස්මෘතිය තමයි නිවන් අවබෝධ වීමට අදාල වෙන්නෙ. 

ඒ නිසා  බුදු දහමේ අරමුන හා පදනම පටලවා ගෙන ඉන්න ලංකාවේ අති බහුතර ගිහි පැවිදි බොදු  ආගමිකයන්  මරණානුස්මෘතිය කියා  වඩන්නේ ද  අදාල නැති දෙයක් බව තෙරුම් යන්න ඕන​.


 
----------------------
© අනිත්යය හෝ නිවන​ කාගෙවත් අයිතියක් නොවන නමුත් මෙම පල කිරීම වෙනත් අයුරකින් ද පල වන බැවින් මෙම වචන ගැලපීමේ හිමිකම් අහුරගන්න සිදුවේ.

Thursday, June 15, 2023

Vol.III. දුක්ඛ හට ගන්නේ ඇයි ?

 Volume III


Chapter 5

 දුක්ඛ හා අනිත්‍යය අතර සබඳතාවක් තිබේද  ?


 මුලින්ම තෙරුම් ගත යුත්තේ  බුදු දහමේ කියැවෙන​  දුක්ඛ සත්‍යය යනු සිංහල 'දුක​' නොවන බවය​.  

තවත් මහා පටලවා ගැනීමක් නම් දුක්ඛ සත්‍යය යනු  ඉංග්‍රිසියෙන් suffering ය යන්නය​.  
ඇත්තටම එය  suffering නොවේ. 
Suffering is not an appropriate term to describe Dukkha.
Suffering is something you experience  as a result of  bad action taken by  you or someone else, or as a result of a natural disaster. 
'Dukkha' is not a repercussion of any action done by anyone.
 It is a phenomenon  exists from the start and end of your life,  each and every happy or sorrow moment in your mind. 

දුක්ඛ ලෙස නම් කරනලද තත්ත්වය සැපේදී හා දුකේදී සැම මොහොතකදී පවතින තත්ත්වයකි.  

 සතුටු දායක පාටියකදී හෝ දුකින් පිරුන අවමගුලකදී  , විභාගයක් සමත්වී සතුටු වන මොහොතේදී හෝ අසමත්ව දුක් වන මොහොතේ  ,  වටිනා යමක් ලැබුන මොහොතේ හෝ අහිමි වූ මොහොතේ  ආදී සෑම කල්හීම  පවතින දෙයකි . 

දුක්ඛ   යන්න තම තමන් සාක්‍ෂාත් කරගත යුතු තත්ත්වයක් වන අතර,    උපන් දාසිට මැරෙන තෙක් විඳින වදයක් ලෙස සරලව දැක්විය හැක​.

ඒ වදය යනු කුමක් ද ?

 ඒ වදය යනු, නැති මමෙක් ඉන්නවා කියා හිතාගෙන ඒ මමට බැඳීම් ඇති කර ගෙන ඒ මම වෙත  සලායතන වෙතින් එන  සංඥා වලට ප්‍රතිචාර දක්වමින් කරන 
 " නැති මම ජීවත් කර වීම" නම්   වදයයි.

Dukkha is the burden of maintaining the nonexistent.

Wednesday, June 14, 2023

Vol.II. බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්‍යතාව​

 Volume II

Chapter 2


බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්යතාව​
අනිත්‍යතාව​ යනු කුමක් දැයි තමන්ම විමසා සාක්ෂාත් කරගැනීමේදී අවශ්ය අයට යා හැකි දිශාවක්, හැදැරිය හැකි ක්‍රමයක් බුදු දහමේම පැහැදිලිව ඇත​.
අනිත්‍යතාව​ යනු කුමක් දැයි තමන්ම විමසා අවබෝධ කර ගැනීම සඳහා යොදා ගත​ හැකි මූලිකම දේ නම් පටිච්ච සමුප්පාද චින්තනයයි. ඒ එය ගොඩනැගී ඇති පදනම අනිත්යය නිසාය.
ඒ සමගම, බුදු හිමියන් එදා බෝ මැඩ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට කළ විශ්ව විශ්ලේශනය එක මිටකට ගෙන දක්වා ඇති කවුරුත් අසා ඇති , නමුත් අගයක් නොදන්නා අනිත්‍යයානුසාර​ සුප්රසිද්ධ ගාථා වක් දේශනා කර තිබෙන බැවින් එය ද මේ අද්යයනය සඳහා ඍජුවම යොදා ගත හැක​.
එය නම් අනිච්ඡා වත සංඛාරා..... ආදී ලෙස ඇති ගාථා රත්නයයි.

--------------------------------
මෙහිදී කිව යුතු වැදගත් දෙයක් නම්, ඒ මහඟු දහම මළ මිනියකට බාර දී ඒ වෙනුවට බොහෝ අය බුදු දහම සංක්ෂිප්තව ඇති සේ සලකන්නේ "සබ්බ පාපස්ස අකරනං ...." ආදී ලෙස ඇති ගාථාවය​.
නමුත් "සබ්බ පාපස්ස අකරනං ...." හී කියවෙන්නේ ගැඹුරු දහමක් හෝ බුදු හිමියන් නි ර් වාණය​ සඳහා ගත් මග හෙලි පෙහෙලි කිරීමක් නොව, සරල ලෞකික සාපේක්‍ෂ​ ගුනවත් කරුණුය .

බොහෝ අය කියතත්, සබ්බ පාපස්ස අකරනං .... ගාථාවෙන් බුද්ධ​ ද ර් ශනය​​​ සොයා ගත නොහැක​.

ඇත්තටම එය වරදක් නැති , උතුම් අදහස් සහිත 'පතෝල​'  ගාථාවකි.
'පතෝල' කිව්වේ  බුදු දහමේ හරය නොපෙන්වන නමුත් වරදක් නැති  ජීවන දර්ශනයක් නිසාය​.

Tuesday, June 6, 2023

Buddha didn’t preached about Suffering !

 

 Buddhism is Not about Suffering !


Universal misunderstanding about what Buddha discovered and preached .


Friday, June 2, 2023

තත්වය ද තත්ත්වය ද ? විද්‍යාලය ද විද්‍යාලයය ද ?

 තත්ත්වය

  'තත්' යනු මෙම (මොහොත​)  වේ. 

උදා: තත්කාලය​.


'ත්වය' යනු ස්වභාවයයි.  

  විරුද්ධ + ත්වය = විරුද්ධ ස්වභාවය - විරුද්ධත්වය  ​.

සාර් ථක​ත්වය - සාර් ථක​ ස්වභාවය

කෲරත්වය , වීරත්වය​,   මේ ආකාර වේ.


මේ මොහොතේ පවතින ස්වභාවය හෙවත් වත්මන් ස්වභාවය​ ලිවිය හැක්කේ 

තත් + ත්වය  ලෙසය​. 

'ත්' + 'ත්' සන් ධි වීමක් සිදු නොවන බැවින්

 තත්+ත්වය   = තත්ත්වය ලෙසම​ ලියැවේ.

ඒ නිසා    තත්ත්වය ලියන්නේ 'ත්' දෙකක් සහිතවය​

තත්වය හී අරුතක් නැති අතර නිවැරදි වදන  තත්ත්වය යි.


විද්‍යාලයය 

 විද්‍යා ආලය  යන පද දෙක සන් ධි වී හැදෙන ක්‍රියා පදය අනුසාරයෙන් හැදෙන වදනකි.

විද්‍යා යනු දැණුම​.  

ආලය යනු ආශාව​, කැමැතිවීම යි. 

විද්‍යා+ ආලය = විද්‍යාලය 

විද්‍යාලය යනු විද්‍යාවට ආලය කිරීම හෙවත් දැණුමට දක්වන ලැදියාවය​.

එය  ස්ථානීය​ නාම පදයක් කිරීම හෙවත් විද්‍යාවට ආලය කරන ස්ථානය කිරීමට අගට 'ය​' යන්න එකතු කළ යුතු වේ. 

  පදයක්  ස්ථානීය​ නාම පදයක් කිරිම අගට 'ය' යෙදීමෙන් සිදු කෙරේ.

එවිට නිවැරදි පදය - විද්‍යාලයය  වේ.  

ඒ නිසා  විද්‍යාලයය ලියන්නේ 'ය​' දෙකක් සහිතවය​.

සුජාතා විද්‍යාලය  යනු සුජාතා නම් ගැහැණු ළමයා විසින් විසින් විද්‍යාවට හෙවත් දැණුමට  දක්වන ආදරයයි.

සුජාතා විද්‍යාලයය  යනු පාසලකි.​

පුස්තකාලයය ද මෙවැනිමය​. 

නමුත් ජාත්‍යාලය  එක 'ය' යන්නකි. ඒ එය ස්ථානයක් නොවන නිසාය​.