Sunday, August 4, 2013

කිරි වලින් මන්දපෝෂණය

දරුවන්ට කිරි බොන්න දෙන්න අතේ තියෙන තුට්ටු දෙක නිරපරාදේ වැය කිරීම නිසා එම මුදලට ගන්න තියෙන වැඩි පෝෂණ ප්‍රමාණයක් සහිත වෙනත් අහාර නොදීම නිසා ඔබ දරුවන්ට නොදැනම මන්දපෝෂණය ලබා දෙන බව දන්නවා ද ?

කරුණාකර මෙය email  කර ප්‍රචාරය කරන්න.

කිරි වීදුරුවක් සැදීම සඳහා නිර්දේශිත ක්‍රමය : පුරවපු මේස හැඳි 3 ක්   (ග්‍රෑම් 26 ක් ) ජලයේ දිය කිරීමය.
එයට වැය වෙන මුදල  320/400 x 26 = රුපියල් 21.00
එහි ඇති ප්‍රෝටීන ප්‍රමාණය ග්‍රෑම් 6.5.

පිසන ලද සිංහල (රතු ) බත් කෝප්පයක ඇති ප්‍රෝටීන ප්‍රමාණය = ග්‍රෑම්  5.00
එහි ඇති සහල් ප්‍රමාණය  ග්‍රෑම් 60.

පුරවපු මේස හැඳි 3 ක් දියකර ඇති කිරි විදුරුවක ඇති ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා අවශ්‍ය බත් සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය : 6.5 / 5 x 60 = 78ග්‍රෑම්  (පිසන ලද  බත් කෝප්ප 1.3 ක් පමණ )
එම සහල් වල වියදම ( කිලෝවක් 47/-  ගණනේ ) = 48/1000x 78 = රු. 3.60

මේ ලෙස ග්‍රෑම් 400 ක කිරි පැකට්ටුවක් රුපියල් 320 ක් දී ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් මිලට ගන්න කෙනෙකුට එම මුදලම වියදම් කර
සහල් ගත්තේ නම් ප්‍රෝටීන ග්‍රෑම් 550 ක් පමණ ලබාගත් හැක. !

දිනකට අයෙකුට ප්‍රෝටීන් ග්‍රෑම්  50 ක් වත් ලබා ගැනීමට අවැසිය .
එය කිරි වලින් ලබා ගන්නට යන්නේ නම් වැය වෙන මුදල  එක අයෙකුට රුපියල් 160 කි.
4 දෙනෙකු සිටින පවුලක වියදම රු. 640 කි. ( 400 කිරි පැකට් 2 ක් ම බොන්නට ඕනෑය ! )
 ඒ නිසා මෙය කිරි වලින් නොලැබෙන බව ඔබටම තේරුම් යනු ඇත.

එදිනෙදා අදායම් ලබන බොහෝ අය  මෙම අධි මිල - අඩු වටිනාකම ගැන නොදැන කෙසේ හෝ දරුවන්ට කිරි වීදුරුවක් වත් ලබා දෙන්න අතේ ඇති මුදල වියදම් කරයි. එයද බොහෝවිට පුරවපු මේස හැඳි 3 ක් ලබා දීම අපහසු නිසා දියාරුවට හැන්දක්  1 1/2 ක් පමණි.
මේ කිරි සෙල්ලමෙන්  සිදුවන්නේ නියමිත පෝෂණය නොලැබීම හා අඩුමිලට ඇති වෙනත් අහාර වලින් අවශ්‍ය ඉතිරි පෝෂණය ලබාදීමට මුදල් ද මදි වීමයි.
ඉතා වටිනා ආහාරයක් යැයි බොරුවට පුම්බා ඇති හරක් කිරි දරුවන්ට දෙන්නට ගොස් මන්ද පෝෂණය ලබා දෙන්නේ මෙසේය. කිරි කැල්සියම් ගැනත් ඇත්තේ බිස්නස් කාරයින් විසින් පුම්බා ඇති වටිනා කමකි.

අධික මිලට විකුණන දියර කිරි ගැන සැලකුවහොත් මෙය මීටත් වඩා භයානක තත්වයකි. එය සල්ලි තියෙන අයට හොඳයි.
ඇත්ත වශයෙන්ම දියරකිරි වටින්නේ සහල්වල මිලට  වඩා අඩුවෙන්  නොමිලේ වාගේ ලැබෙන විටය . කිරි වලට අමුතු වටිනාකමක් ආවේ ඉන්දියාවේ හා ලංකාවේ ගම්බද ගෙවල් වල තිබු පහසු වෙන් නොමිලේ කිරි ලබාගැනීමට හැකි සංස්කෘතිය නිසාය.  දැන් එම වටිනාකම බිස්නස් කාරයන් විසින් අධික මිලට රොඩු විකුණන්නට භාවිත කරයි.

No comments:

Post a Comment