Thursday, August 8, 2013

කිරි පෙරළිය

වත්මන් සිදුවීම් පිළබඳ දැනුවත් වී ඇති බොහෝ අය දැනටමත් අපේ රටේ හදන අඩු - වැඩි කිරීම් නැති හයිලන්ඩ් හා පැලවත්ත කිරි මිලට ගනිති .

1. අපේ සල්ලි යන්නේ අපේම රටේ ගොවි මහතුන්ට . ( ඕස්ට්‍රේලියා /නවසිලන්තේ කිරි පට්ටි හිමි කෝටි පති සුද්දන්ට නොවේ. )
2. මේ පිටි දියවෙන්න සිලිකන් ඩයොක්සයිඩ්, කෙයෝලින්, Dimethylpolysiloxane ආදී දියාරුම් කාරක ( anti caking & anti  foaming agents )එකතුකර නැත.
3. කිරි වල වටිනා කමක් ඇත්නම් ඒ දේ වන මේදය හා ප්‍රෝටීන් වැඩිපුර ඉවත් කොට වෙනම විකුණා ඒ වෙනුවට විවිධ සත්ව හා ශාක කොටස් අඹරා එකතු කර නැත.
4. ඇල්වතුරෙන් දිය කර උණු වතුර එක කරගත් විට සුදු පාටට නියම කිරි රසය හා සුවඳ  ලැබේ .
5. අපේ මිනිසුන් ගෙරි හිතල කඳුකරයේ , කට්ට උණුසුම් කාන්තාර වල වැඩ කොට උපයන ඩොලර් අපි බොන කිරි වීදුරුවක් වීදුරුවක් පාසා අපේ රටෙන් පිටට යවන ද්‍රෝහීන් බවට අප පත් වන්නේ නැත.
6. ආත්මයක් නැති අමනයන් විසින් හදන අවලම් කිරි දැන්වීම් වලට රැවටී වස බොන මෝඩයන් බවට අප පත්වන්නේ නැත .


උදය විජයවීර 

No comments:

Post a Comment