Wednesday, May 24, 2023

Vol.I. බුදු දහම - අනිත්‍ය අද්‍යයනය - බුදු හිමියන් ලෝකාවබෝධය සඳහා කළ විශ්ලෙශනය -​ නිවන .

බුදුන් දෙසූ දහම

 මෙම  වෙළුමේ  ඇත්තේ පහත  කරුණු සනාථ කිරීමේ මූලික සාකච්ඡාව ය​:

• අප ඉපදීම නිසා දුක් විඳිනවා කියා   බුදු හිමියන් දෙසා නැත​.

• අනිත්යය යනු දිගටම සිදුවන වෙනස්වීමක් නොවේ.
• නිවන් දැකීම යනු මෙලොව ඉපදුන නිසා විඳිනවාය කියන දුක් විඳීම නැතිකර ගැනිම නොවේ.
• අවිද්‍යාව .

බුදු හිමියන් දෙසූ සත්‍ය දහම සොයා යාමේදී මුලින්ම වටහා ගත යුතු දේ නම් අනිත්‍යතාව යනු කුමක් ද යන්නය​.

එයට හේතුව නම්, නිවන් මග අවබෝධ කරගැනිම සඳහා ලෝකය විශ්ලෙශනය  කළේ අනිත්‍යතාව පදනම් කරගෙන නිසාය​.

එනිසා දුක්ඛ යනු කුමක් ද​, එයට හේතුව කුමක් ද ආදී ලෙස ලබන​ අවබෝධයෙන් නිර් වාණය සාක්‍ෂාත් කර ගැනීම සඳහා මූලිකව හරියටම තෙරුම්ගත යුතු දෙය නම් බුදු හිමියන් විසින් දැක වදාල අනිත්‍යතාව යනු කුමක්ද යන්න​. 

 මෙම  වෙළුමේ   මෙතැන් සිට ගෙනෙන්නේ,

බුදු දහමට අදාල 'අනිත්‍යතාව' ගැන දිගු විශ්ලෙශනයකි.

දැනට ඒ ගැන පවතින මත කිහිපයක් ගැන විශ්ලෙශනය කෙරේ.

ඉන්පසු ඊළඟ වෙළුම් වලදී දුක, දුකට හේතුව ආදිය ගැන සාකච්ඡා කෙරේ.  

අනිත්‍යතාව නිවන් මගෙහි දොරටුව වන්නේ ඇයිද  යන්නත් මෙම අද්‍යයනයෙන් විමසා බැලේ.

Warning : ♦ බුදු දහම ගැඹුරින් හදාරන අයට විශේෂයි. අන් අයට දිග වැඩි හෝ ප්‍රයෝජනයක් නැති දෙයක් හෝ විය හැක​.

මෙය 2023 පොසොන් පොහොය නිමිත්තෙන් මා විසින් ලියා පල කළ අද්යයනයක් බවත්, එය වත්මන් බුද්ධාගමිකයන් ගේ විශ්වාසයන්ට​ ගැලැපෙන හෝ නොගැලපෙන වියහැකි බවත් කරුණාවෙන් සලකන්න.
------------------------------------------------------------------------
Preface - පිවිසුම​ .

පසුගිය දා පැවති ආගමික පිංකමකි.
දානමය ක්රියවලින් පසු අනුශාසනයේදී ගරු ස්වාමීන් වහන්සේ ,
"පින්වතුනී, මේ 'ර්ධම ශ්රී' මහතා කලක් තිස්සේ පන්සලේ කටයුතු වලට බොහෝ ක්රියාශිලිව දායක උනා.
දැන් වයෝවෘද්ධව සිටිනවා. එදා තිබුනු කළු හිසකේ දැන් සුදු වෙලා.
එහෙම තමයි කාටත්. ඒක තමයි අනිත්යය කියන්නේ.
අනිත්යය නැමැති ලෝක ර්ධමතාවට​ අපට මුහුණ දෙන්න වෙනවා. "
ලෙසින් දේශනාවක් පැවැත්වූ සේක​.
Chapter 1. අනිත්‍යය ගැන මත​

1වන මතය​

කෙනෙකු ඉපදී, ජීවත් වෙමින් සිට​ කෙමෙන් වෙනස් වීම​, වයසට යාම සහ කවර මොහොතක හෝ මියයෑම හෝ වැනසීම​ අනිත්‍ය​ ලෙස හඳුන්වා දීම අද බොදු ආගමික සංස්කෘතික සමාජයේ ඉතා සුලභය​.
නිවසේ තිබූ වටිනා යමක් බිම වැටී බිඳුන විටද, "කරන්න දෙයක් නෑ සියලු දේම අනිත්යයි කියල හිත හදාගන්න​." කියනව​.
මළ මිණියකට කෙරෙන ආගමික වතාවත් අවසන්කිරිම පවා කෙරෙන්නේ අනිත්යය මෙනෙහි කරමින් දම් දෙසා 'අනිච්ඡා වත සංඛරා ...' ගාථාව සජ්ජායනයෙනි.

මේ අනුව ස්ථිරව තිබෙන ලෙස අප දුටු දෙයක් වෙනස් වීම හෝ වැනසී යාමද​, ජීවත් වූ කෙනෙකු වයසට යැම හෝ මිය යාමද​ අනිත්යය ලෙස තෙරුම් ගෙන ඇත​.
පොදු විශ්වාසය මෙසේ වූවත්,
බුදු දහමේ පරමාර් ථය​ වන නිර් වාණාවබෝධය​​ සඳහා උපයෝගී වන, අවබෝධ කල යුතු අනිත්‍යතාව​ මෙය විය හැකිද යන්න ගැන මහත් සැකයක් උපදී.

එයට හෙතුව නම්,
කෙනෙකු ඉපද ජීවත් වන විට කෙමෙන් වෙනස් වන බව​, වයස් ගත වන බව, රෝගී වන බව, මිය යන බව සාමාන්ය දෙයක් නිසාය​.
එය දැනගන්න බුදු වෙන්න ඕනද ?
නැත​,
එය දැනගැනීම ට අමුතු බුද්ධියක් නොහොත් බුද්ධ ඥාණයක් අවශ්ය නොවන බව පැහැදිලිය​..

වෙනත් වචනයෙන් කියත හොත් බුද්ධ ඥානය, බුද්ධත්වය මෙතරම් සරල දෙයක් මත ලැබේ යැයි සිතීම පවා නොහොබී.

එම නිසා මෙලෙස​ 'අනිත්යතාව' ලෙස බහුලව හඳුන්වන එම සරල සංසිද්ධිය​ දැනගැනීම, තෙරුම් ගැනීම​ නි ර් වාණාවබෝධය​ සඳහා වැදගැම්මක් ඇති දෙයක් නොවිය හැකි අති සාමාන්‍ය දෙයක් බැවින් බුදු හිමියන් දුටු අනිත්‍යතාව යනු කෙසේවත් මෙය විය නොහැක.​
2වන මතය​
මේ අතර​, තවත් මතයකට අනුව, 'අනිත්යය' විග්රහ කරමින් දේශනා කරන්නේ,
අනිත්යය යනු යම් දෙයක නිරතුරුව සිදුවන පඨවි- ආපෝ-තේජෝ-වායු යන ගුණයන් හී නිරතුරුව සිදුවන​ වෙනස් වීම බවය​.

සියලු දේ නිමවී ඇති මෙම​​ ගුණයන් හී නිරතුරුව සිදුවන​ වෙනස් වීම නිසා අප ඇසුරුකරන හෝ දකින යම් දෙයක් දකින්න, අල්ලන්න ලැබෙන්නේ එක්වරක් පමණක් බවද අනිත් මොහොතේ දී එතැන ඇත්තේ පඨවි- ආපෝ-තේජෝ-වායු සංයුතිය වෙනස්වූ දෙයක් බවත්, එම 'නිත්ය නැති ලෝක ස්වභාවය'​ අනිත්යතාව බවත් උගන්වන දේශකයන් වහන්සේලා සිටිති.
ඉහත​ පඨවි- ආපෝ-තේජෝ-වායු යනු, පදාර්ථයේ අවස්ථා 4 ය​.
එය පාසලේ විද්යාව පාඩමේදී ඝන​-ද්රව​-ශක්තිය​-වායු ලෙස ඉගෙන ගනිමු.
පඨවි- ආපෝ-තේජෝ-වායු බුදුන් වහන්සෙගේ සොයාගැනීමක් නොව බ්රාහ්මන හින් දු පුරාණ ඉගැන්වීම වල ඇති සංකල්පයකි.
හින්දු දහමේ ඉහත 4 ට අමතරව 'ආකාශ්' ( space /ඉඩ ) ලෙස 5 වන අවස්ථාවක් ද පවතින බව පැහැදිලි කෙරේ. -පංච​ මහා භූතයන් -.

'ඉඩක්' යනු පදාර්ථයක් නොවන නිසා බුදු හිමියන් ගේ දහමේ එය ඉවත් කර ඇති බව පෙනේ.
බුදු/හින් දු දහම් අනුවත්, නවීන විද්යාව අනුවත් පදාර් ථය​​ විවිධ අව්ස්ථා වලදී ශක්තිය ලෙසිනුත්, ඝන​/ද්රව​/වායු ලෙසිනුත් පෙනී සිටී.

නවීන විද්යාවේ 'මහා පිපිරුම් න්‍යාය' අනුව එම සිදුවීමට​ මොහොතකට පෙර අද විශ්වයේ ඇති සියලු ද්‍රව්‍ය​ තිබුනේ ශක්තිය ලෙසිනි. අදත් ඈත විශ්වයේ 'ශක්තිය', තාරකා, ග්රහලෝක ලෙස පරිර්වතනය​ වෙමින් පවතී. හිරුගේ පදාර් ථයක් වන හයිඩ්රිජන් වායුව වැනසී අපට ආලෝක හා තාප ශක්තිය එයි.
ඉහත කී ලෙස පදාර් ථයක ගුණ හැමවිටම වෙනස් වෙමින් පවතින බව සත්යයක් වන නමුදු බුදු දහමේ ඇති නිවන් මගෙහි දොරටුව වන අනිත්යතා සංකල්පයට මෙය ගාවා ගෙන නිරුක්ති සැපයීම ර්අථ ශුන්ය දෙයකි.

එයට හේතුව නම්,
අපට බාහිර ලෝකයේ ඇති වස්තූන් වල කුමන වෙනස් වීම් ඇති උනද නොවුනද​, අප ඒවා නිරතුරු​ වෙනස් වන ලෙස පිලි ගත්තද නැද්ද , අප තුල නි ර් වානාවබෝධය සඳහා එම දැක්ම උපයෝගී කරගත නොහැකි වීමය​.
එලෙස උපයෝගි කරගැනීමට නොහැකි වන හෙතුව නම් ,
නි ර් වානාවබෝධය ඇති වන්නේ 'අප තුල නි ර් මාණය​ වන ලෝකය' ගැන කරන විශ්ලේශනයෙන් මිස, අපට බාහිර දේ හෙවත් බාහිර යථාර්ථය​ ගැන අධය්යනයෙන් නොවන බව බුදු දහමේ පදනම නිසාය​.

"අප තුල නි ර් මාණය වන ලෝකය " කියන්නේ කුමක් ද ?
අප ගේ සිරුරේ ඇති ඇස්, කණ්, නාස​, හම ආදී සංවෙදක වලට බාහිරින් ලැබෙන 'කම්පන​' අනුව හටගන්නා ස්නායු සංඥා ලෙසින් මොළය කරා යවන දත්ත
මොළය විසින් නි ර් ව චනය​​ කර මොළය තුල විඤ්ඤානයේ හදා ගන්නා රූප ශබ්ධ ගන් ධ රස අනුසාරයෙන්​ මවා ගන්නා ලෝකය 'අප තුල නි ර් මාණය වන ලෝකය' යි.
අප ලෝකය ලෙස දකින්නේ ඉහත ලෙස​ අපගේ මොළයේ මැවෙන ලොකය වේ. - Re. පටිච්ච සමුප්පාදය​ -

අපේ ඇස හරහා ආලොකය හෝ කණ හරහා ශබ්ධය හෝ මොළයට යන්නේ නැත​.
අප රූප, ගන් ධ, ශබ් ධ ආදිය ලෙස දකින්නේ අසන්නේ ස්නායු දිගේ විද්‍යුත් + කැල්සියම් (අයන)​ + නියුරොට්‍රාන්ස්මිටර්(රසායනික) තුනෙහි එකතුවෙන් මොළයට යැවෙන සංඥා විකෙතනය කිරීම මගින් මොළය තුල ඇතිවන තත්ත්වයකි.

එනිසා අපෙන් බාහිර ලෝකය ගැන අපට ඇති සියලු අවබෝධය අපේ මොළයේ ඇතිවන එම තත්ත්ව තුල පවතී.

අප නොදන්නා , තවම අත් නොවිඳි වෙනත් මානයක සංවෙදන දියුණු කළ කෙනෙකුට හැර වෙන​ කිසිම ජගතෙකුට ඉන් පිටට ගැලවීමක් නැත​. 

ඇත්තටම සියලු සත්ත්වයෝ තම​ සිරුර තුලම පන ගැහෙන සංවේදන කූඩුවේ සිරව සිටිති.

නමුත් ඔවුහූ බාහිර ලෝකය සමග අන් තර් ක්‍රියා කරතැයි යන අවිද්‍යාවේ ගැලී සිටිති.

බුදු හිමියන් මෙම තත්ත්වය,
- එනම් තම සිරුර නැමැති පද්ධතිය තුලම සිදුවන අභ්‍යන්තර ක්‍රියා නිසා ජනිත වන සංඥා
බාහිර ලෝකය සමග කරන අන්තර් ක්‍රියා ලෙස දැනීම -
අවිද්‍යාව ලෙස නම් කළ සේක​.
(මේ මාගේ 'අවිද්‍යා' නිර්වචනය වේ.)

අප අත් දකින සියලු සැප දුක් ජරා මරණ වල මුල අවිද්‍යාව යන්න බුදු දහමේ මූලික සිද්ධාන්තයකි.


3 වන මතය

වර් තමානයේ යූ ටියුබ් බණ කරන පුද්ගලයන් ,

  'අනිච්ඡ'  හෙවත්   තමන්ට "අවශ්‍ය ලෙස , කැමති ලෙස (ඉච්ච නැති) " සංස්කාරයක්ගැන මෙහි කියවෙන බව​ දෙසති.
ඉච්ච යනු කැමැත්තය . අනිච්ච යනු කැමති නොවන යන්නය​.

"අනිච්චාවත සංඛාරා" = ලොව සියලු දේ සිදුවන්නේ තමන් ආසා කරන ලෙසට නොව, එම නිසා ලොකය දුකයි යන්න ලු.

ලොව සියලු දෙ සිදුවන්නෙ තමන් 'කැමැති නැති' ලෙසට නිසා දුක ඇති වන බවට බණ දෙසන කෙනෙකු හා දෙසා මියගිය  කෙනෙකු ද මේ අතර වෙයි.

බොහෝ තැන්වල කෙරෙන   තවත් ප්‍රසිද්ධ  දෙසුමක් මෙසේය :

[  උපුටා ගැනීම​ ]
අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනො ...... 

ජීවිතය අනියත යි, මරණය නියත යි.   
සත්ත්වයන්ගේ ජීවිතය වනාහි මරණයට පත්වන වයස නියමයක් නැත්තේ ය . සෑම වයසේ දී ම මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. මව් කුසතුළ දී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය.
එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. උපදින කල්හි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය.
එහෙයින් ද ජීවිතය අනියත යි.
 ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. 
  [උපුටා ගැනීම අවසන්]

මෙයද අනිත්යය යනු සිරුරක පවතින ජීවයක් අවසන් වීමක් ගැන කියැවෙන එකක් ලෙස බරපතල අනවබෝධයක් ඇතුව ලෝකයට  දෙසන  අවස්ථාවකි.

4 වන මතය​ අප බාහිර දේ ගැන දැනගන්නේ ඇස් කණ් නාසා ස්පර්ශය ආදී සංවෙදනයන් ගෙනි. එක් දැනීමක් චිත්තක්‍ෂනයකට සීමා වේ. ඊළඟ චිත්තක්‍ෂනයෙදී නැවත ලැබෙන සංවෙදන වලින් අප බාහිර ලෝකය හඳුනාගනී. මෙය ඉතා වේගයෙන් සිදුවන නිසා අඛන් ඩ පැවැත්මක් දැනේ.

එක් චිත්තක්‍ෂනයකින් දැනෙන ලෝකය ඊළඟ චිත්තක්‍ෂනය වනවිට වෙනස් වී ඇත​.
ඒ නිසා අපට නොදැනුනත් අප හැමැවිටම අත්දකින්නේ නිරන්තරයෙන් වෙනස් වන ලෝකයකි.
අනිත්‍යය යනු මෙසේ නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය වේ. අනිත්‍යතාව යනු සියලු දේ ස්ථිර තත්ත්වයක නොපැවත මොහොතක් පාසා වෙනස් වෙමින් පැවතීමය​.

බොහෝ උගතුන් ප්‍රකාශ කරන මෙම 'අනිත්‍යය' ද බුදු හිමියන් ගේ දහමේ එන අනිත්‍යය නොවන බව මෙම පොතෙහි අවසන් කොටස් වලදී විස්තර කෙරෙනු ඇත​.



බුදු හිමියන් විසින් බුද්ධත්වයට පත්වීම සඳහා කළ විශ්ලෙශනයේ පදනම

අප සියලු ගැටීම්, මෝහය- මැනීම්, රාග​, ද්වේශ හදා ගන්නේ අප ගේ මනසේ මැවෙන​ ඉහත කී අභ්යන්තර​ ලෝකය සමග කරන ගනු දෙනුවෙන් ය යන්න​ බුදු හිමියන් විසින් බුද්ධත්වයට පත්වීම සඳහා කළ විශ්ලෙශනයේ පදනම වේ.

අපෙන් බාහිර ලෝකය අපට අද්යයනය කළ නොහැකි නම්, අපේ විශ්ලෙශනයට අදාල කර ගත නොහැකි නම් එය නිත්ය හෝ අනිත්ය වීම අපට අදාලත්වයක් නැති වේ.

එම නිසා බාහිර ව වෙනස් වන ආපෝ - තේජෝ ආදී තත්ත්ව​ මත ගොඩ නැගෙන​ ඉහත දෙවන මතයද නිරන්තර වෙනස්වීමක් ගැන කියන ඉහත හතරවන මත ද ශුන්‍ය වී යයි.


අපට බාහිර ලෝකය හෙවත් බාහිර යථාර් ථය අපට දැනිය හෝ දැකිය නොහැකි බව බුදු හිමියන් මෙන්ම එකල හා අද දක්වා ජීවත් වන භාරත​, ග්රීක හා වෙනත් බොහෝ දාර්ශනිකයන් විසින් පල කර ඇති පරම සත්යය වේ.
එසේ නම් බුදු හිමියන් සාක්ෂාත් කර දෙසූ බුදු දහමට අදාල අනිත්යතාව යනු කුමක් ද ?
අනිච්ච යනුවෙන් හඳුන්වන්නෙ කුමන තත්ත්වයක් ද ?

මෙය මෙතරම් පැටලිලි සහගතව විවිධාකාර ස්වභාවයන් ලෙස ජන ගත වී ඇත්තේ ඇයි ?

_________________________________________________________________________________



අනිත්‍යය යන්න මෙතරම් පැටලිලි සහගතව විවිධාකාර ස්වභාවයෙන් ජන ගත වී ඇත්තේ ඇයි ?
මෙයට මූලික හෙතුවක් වී ඇත්තේ, මෑත කාලය වන විට​ බුදු දහම සිලබස් එකක් වී ඉගෙන ගත යුතු තවත් විශයක් බවට පත් වීම බව පෙනේ.
පිරිවෙනට හෝ පංසල තුලම දහම ඉගෙන ගන්න යන කුඩා සාමනෙර දරුවාගේ ප්රමුඛතම වගකිම වන්නේ සිලබස් කටපාඩම් කිරීමය​. ගුරු වරුන් ඒ ඒ දහම් කරුණු ගැන හිතන දේ සහ පොත් වල ලියා ඇති දේ ඔවුන් ඉගෙන ගත යුතු අතර විභාග වලදී එම කරුණු ලියු විට ලකුණු ලැබේ. ඉන් පිට යමක් ලියූ විට ඒ වැරදි උත්තර වේ.
මෙලෙස ආගමික විශය කරුණු තොග පිටින් ඉගෙනීම​ විභාග සමත් වී, විවිධ උපාධි, නාම​ පට්ටම් නමට එක් කර ගන්න සුදුසු වූවද​,
බුදුන් වහන් සේ කළ විශ්ලේශනය තමන් ද කර ලෝකාවබෝධය ලැබීමේ ගමනට නොවැදගත් මෙන්ම බාධාවක් ද වී ඇත​.

නිවන් අවබෝධ වන්නේ,
බුදු හිමියන් කළ ලෝක විශ්ලෙශනය තමන් ද කර
ලෝක සත්යය​ සාක්ෂාත් කර ගැනීමෙනි.
දහමේ ඇත්තටම ඇත්තෙ ඒ සඳහා මඟ පෙන්වීමක් පමණි.

වෙසෙසින් පටිච්ඡ සමුප්පාදය ගලා යන්නේ සිදුහත් තවුසාණන් ලෝක ස්වභාවය විශ්ලෙශනය කළ අදියර ලෙසිනි.​

-------------------------- * ---------------------------

ගිහි සමාජයට ආගමික​​ දැණුම හා ආභාෂය යැවෙන්නේ පැවිදි සමාජයෙනි.
පැවිද්දන් දෙසන කාරණා භක්තිය හා ගරුත්වය නිසා ගිහි සමාජය විසින් ප්රශ්න නොකරම පිලිගැනේ.
පාඩම් කළ නිසා, ඉගෙන ගත් නිසා හෝ ගුරු හිමියන් ලියූ පොතේ තිබෙන නිසා දෙසන වැරදි කරුණු වුව පිලිගනිති.

ඉහත කී 'විවිධ​ අනිත්යය ර්වග​' පිරිවෙනේ දේශන වලදී කියා දෙන නිසා හෝ පොත් වල කියැවූ නිසා දැන ගත් ලෙස හෝ අනුනට දෙසනු මිස තමන් කළ විශ්ලෙශනයකින් සාක්ශාත් කරගෙන අවබෝධකරගත් දේ නොවන බැවින් විවිධ අය​ අනිත්යතාව ඒ ඒ පොත් වල ඇති ලෙස​ විවිධාකාර ව පරස්පර විරෝධීව​ විස්තර කරති.

මේ විපරිත පසුබිම මද්යයේ ​,
බුදු දහම ගැන ගැඹුරින් උනන් දු වන අය සිටිත් නම්, බුදු හිමියන් විසින් අවබෝධ කර දේශනා කළ අනිත්යතාව කුමක් දැයි එකිනෙකා තම තමන් විසින්ම අධ්යයනය කර විශ්ලෙශනය කර සොයා ගත යුතුවේ.

ඒ බෞද්ධයාගේ ඒකායන අරමුණ වන නිවන් අවබෝධයට ප්රඥා ආලෝකය උදා වන්නේ
'අනිත්යතාව' හරි හැටි තේරුම් ගතහොත් පමණක් වන නිසාය​.
------------------- < * > --------------------------

මේ කාරණා මෙසේ නම් නිර් වාණාවබොධයට පදනම් වූ අනිත්‍යතාව යනු කුමක් ද ?

බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්‍යතාව අප දකින ලෙස මීළඟ කොටසින් සොයා බැලේ.
Link: ඊළඟ වෙලුමට යොමුව:

 ප්‍රශ්න හෝ අදහස් ඇත්නම් මෙහි හෝ   FB පිටුවේ කොමෙන්ට් එකකින් සටහන් කරන්න​.


----------------------
© අනිත්යය හෝ නිවන​ කාගෙවත් අයිතියක් නොවන නමුත් මෙම පල කිරීම වෙනත් අයුරකින් ද පල වන බැවින් මෙම වචන ගැලපීමේ හිමිකම් අහුරගන්න සිදුවේ.



No comments:

Post a Comment