Monday, May 29, 2023

මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !

 මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !

මීට වසර 106 කට ඉහත 1917 දී තම රෝහලේ සිටි මැලේරියා රෝගීන් ගෙන් ගත් ලේ වෙනත් රෝගීන් ට හිතුමතේ එන්නත් කර ඒ රෝගීන්ටද මැලේරියාව බෝ කළ දොස්තර මහතෙක් ඒ නිසාම වෛද්ය විද්යාව පිළිබඳ නොබේල් තෑග්ග දිනා ගැනීමේ පුදුම සිද්ධිය දන්නා අය දැන් අල්පය.
එම සිද්ධිය කාලයේ වැලිතලාවෙන් වැසී ගියේ ඊට වසර කිහිපයකට පසු ඇලෙක්සැඬර් ප්ලෙමිං විසින් කළ තවත් ඓතිහාසික සොයාගැනීමක් නිසාය​.
ඔබ අප දන්නා ඇන්ටිබයොටික් හෙවත් බැක්ටීරියා නාශක ඔසු 20 වන සියවසේ මුල් භාගයේ තිබුනේ නැත​. අද වයස 75 ක් වන අය කුඩා කල එවැනි බෙහෙත් ලොව නොතිබුනි.
සමහර බැක්ටීරියා වලින් වැළඳෙන රෝග වලින් දුක් විඳ මියයන මිනිසුන් දහස් ගණනක් වීය​.
Treponema pallidum නම් බැක්ටීරියාවේ ක්රියාවන් නිසා ඇතිවන සිෆිලිස් නම් රෝගය එවැන්නකි.
එම බැක්ටිරියාව සාමාන්යයෙන් ජීවත් වන්නේ ඉකිලි, මුඛය​, ලිංගික ස්ථාන වැනි ආවරණය වූ තැන්වල අඩු ඔක්සිජන් තත්ත්ව යටතේය​. එනිසා එය ලිංගිකව බෝවන රෝගයක් ලෙස සැලකේ.
තාපය​, වියලි බව හා ඔක්සින් සහිත නිරාවරණ තැන්වලදී එය මියයයි.
මූලික සිෆිලිස් තත්ත්ව වලදි උණ , වේදනාව​, කුද්දෙටි ආදිය රෝග ලක්ෂන වේ. කල් ගතවන විට සිරුරෙ ඕනැම සෛලයකට හානි කළ හැක​. ස්නායු හා මොළයට හානි කිරීමට පටන් ගැනීමත් සමග Neurosyphilis දක්වා වර් ධනය​ වී විකුර් ති හැසිරීම් සහිත ඉතා වේදනා කාරී වසර කිහිපයකින් පසු රෝගියා මරණයට පත්වේ.
තමා සේවය කළ රෝහලේ සිය ගණන් සිපිලිස් රෝගීන් මෙම අවසන් අවස්ථාව ට පත්ව මොළය ආසාදිත වී වසර ගණන් දුක් විඳ අනිවාර්ය මරණය කරා යනු අත්දකින වැනීසියේ ස්නායු ශල්ය වෛද්යවරයකු වූ ඔස්ට්රියන් ජාතික​ ජුලියස් වැග් නර් එක් දිනයක යම් තීරණයක් ගති. එනම් රෝගීන් ගේ සිරුරේ ඌෂ්ණත්වය ඉහල දැමීම මගින් සිෆිලිස් බැක්ටීරියාවෙ ක්රියා කාරිත්වය අඩපන කළ හැකිදැයි බැලීමය​.
එකල ලොව පුරා මැලේරියාව බෝ වෙමින් තිබුනි. [ලංකාවේ ද යටත් විජිත සමයේ හා ඉන් පසුවද මැලේරියා වසංගතයෙන් බොහෝ අය මිය ගිය අතර 2012 සිට ලංකාව මැලෙරියා තුරන් කළ රටක් ලෙස සහතික ලැබීය​.]
මැලේරියාව වැළඳි රොගින් අධික උනෙන් වෙව්ලීම සාමාන්ය දෙයකි.
ඔහු මැලේරියා රෝගීන් ගෙන් ගත් රුධිරය සිෆිලිස් රෝගින් රාශියකට එන්නත් කර ඔවුනට මැලේරියාව බෝ කළේය​. කිසිවකුගෙන් අවසර ගැනීමක් හෝ ජීවිත අවදානම ගැනීමක් නොතිබුනේ ඒ රෝගීන් ටික කලකින් මැරෙන්න හරිනු හැර වෙනත් ප්රතීකාරයක් එකල නොමැති වූ නිසාය​.
ඔහු ගේ දැක්ම නිවැරදි විය​. මැලේරියාව බෝකළ රෝගීන් ගෙන් වැඩි දෙනෙකු ගේ සිරුරේ වූ සිපිලිස් බැක්ටීරියාව​ අධික ඌෂ්නත්වය නිසා විනාශ වී ගිය බව තහවුරු විය​​. මැලේරියාවද උත්සන්න වීමට නොදී ක්වීනින් ලබාදී සුව කෙරිණි. අසාද්ය , දුර්වල සිෆිලිස් රෝගින් 15% ක් පමණ දෙනා මැලේරියාවෙන් මියගිය අතර ඉතිරි අය සුවය ලැබ නීරෝගී විය​.
මෙම වෛද්ය ක්රමය මැලේරියොතෙරපි නමින් ප්රසිද්ධ විය​. මෙම සොයා ගැනිම හේතුවෙන් 1927 දී වෛද්ය වැග් නර් ට වෛද්ය විද්යාව පිළිබඳ නොබේල් තෑග්ග පිරිනැමිණි. අද ඕස්ට්රියාවේ විවිධ මාවත්, පාසල්, රෝහල් ඔහුගේ නමින් නම් කර තිබේ.
මෙහිදී අප දැනගත යුතු වැදගත් දෙයක් නම් බැක්ටීරියාව, වෛරස් ආසාදනයකදී සිරුරේ ඌෂ්නත්වය ඉහල යැවීම රෝග කාරකයා අඩපන කර විනාස කිරීම සඳහා අපේ පද්ධතිය මගින් කරන එකාබද් ධ ප්රහාරයක එක් කොටසක් බවය​.
සිපිලිස් ආදී බැක්ටීරියා තාප සංවේදීබැවින් අපට ඔරොත්තු දෙන මට්ටමේ ඌෂ්නත්ව ඉහල යෑමකදී පවා ඒවා අඩපන වේ. සිරුර තුල සිටිමින් කෝටි ගණනින් ගුණනය වීමේ ක්රියාවලිය අඩපන වේ. එවිට ප්රතිදේහ වලට සිය කාර්යය කිරීම පහසු වේ.
අපේ බොහෝ මව්වරු කෙනෙකුට උණක් හැදී ගෙන එන විටම පැනඩෝල් පොවා කරන්නේ කුමක් ද යන්න මෙහිදී සිතා බැලිය යුතුය​.
අංශක 104 F ට වඩා ඉහල යෑම නුසුදුසු බැවින් උණ පාලනය කිරීම සඳ්හා ඔසු ලබාදීම වැදගත් නමුත් සාමාන්ය මට්ටමේ උණ පවතීනම් එය බලෙන් බැස්සවීම රෝගය සමග සටන් කරන සිරුරේ ආරක්ෂක පද්ධතියට කරන බාධාවක් විය හැක​.
බැක්ටීරියා රෝග වලට බෙහෙත් නොතිබුන කාලයක මැලෙරියාතෙරපිය නොබේල් තෑග්ග දිනන්න තරම් වැදගත් දෙයක් වු නමුත් ඉන් ටික කලකට පසු ලෝකයේ ප්රථම සාර්ථක ප්රතිජීවක ඖෂධය සොයා ගැනීමත් සමග එහි වැදගත් කම හීන වී ගියේය​. එ නිසාම වෛද්ය තුමාගේ නාමය අද ලොව බොහෝ අය​ දන්නේ වත් නැත​.
1930 ගණන් වල දී පෙනිසිලින් ගැන දැනගත් අතර 1948 න් පසු ප්රථම ප්රතිජීවක ඖෂධය ලෙස​ බහුලව යොදා ගැනුනි.
මෑත භාගයේ AIDS සඳහා ද මැලේරියාතෙරපිය යොදා ගැනීම ගැන උත්සාහයන් කෙරී ඇත​.



No comments:

Post a Comment