Monday, May 29, 2023

නිරපරාදේ කඩා වැටුන ජපාන සඳ යානය​ Hakuto-R

 පරිගණකයේ කෝඩිං වල දුර් වල​තාවකට වඩා කෝඩ් කළ අවශ්යතා විශ්ලෙශනයේ බාල බව නිසා නිරපරාදේ කඩා වැටුන ජපාන සඳ යානය​ Hakuto-R

----------------------------------------------------------------
1990 දී සඳ වටා යානයක් යැවූ ජපානය මෙවර ප්රථම වරට සඳට ගොඩ බැසීමට යානයක් නිපද වීය​. ඒ ජපාන රජය නොව මහජන කොටස් නිකුත් කළ පුද්ගලික සමාගමක් මගිනි.
ඉතා සාර් ථකව​ ගුවන් ගත කර පොලෝ කක්ෂයෙන් මිදී සඳ කක්ෂයටද නියමිත ලෙස ඇතුලු වූ ජපාන චන් ද්ර ගවෙශන යානය සඳට ඉතා නිවැරදිව පහත් කරමින් තිබෙන අතරේ අවසන් මොහොතේ සඳේ සිට තමන් ට ඇති උස වැරදියට ගණනය කිරිම නිසා පාලනය අතරමං වී අන්තුරට පත් වීය. April 26 2023.
සඳට තව දුරක් තිබියදී ඉහල අහස චන් ද්ර පෘෂ්ඨය සේ ගණනයෙන් තීරණය වීම නිසා අහසට ගොඩ බැස ඉන් ධන අවසන් වී රොකට් නිවීමෙන් එය එතැන් සිට කිලෝ මීටර් 5 ක් පමණ පහලට කඩා වැටී ඇති බව හෙලිවිය.
මෙම යානය සඳේ සිට ඇති උස මැන ඇත්තේ සංවේදක කීපයක ආධාරයෙනි. ඉන්පසු එහි මද්ය අගය ගෙන එය වඩාත් නිවැරදි උස ගැනිමට පරිගණක වැඩසටහන ලියා ඇත​.
උදා: 1 වන සංවෙදකය - මීටර් 200.4 ,
2වන සංවෙදකය - මීටර් 200.8 ලෙස කියැවීම් ලැබුන විට,
උස altitude = (200.4 + 200.8 ) / 2 = 200.6 ලෙස ගැනේ.
සඳට ගොඩ බසින තැන තැනිතලාවක් නම් මෙම චින්තනය වරදක් නැත​. නමුත් උස් කඳු ගල් කුළු තිබුනු විට කුමක් වේද ?
කලින් සැලසුම් කර තිබුනේ තැනිතලා බිමකට වන අතර අවසන් කාලයේ වඩාත් වටිනා තොරතුරු ලබා ගැනීමේ අටියෙන් කඳු ශිකර සහිත පෙදෙසක් තෝරා ගෙන​ඇත​.
අවාසනාවකට , මෙම යානය පහත් කළේ එලෙස අතරින් පතර උස් කඳු ශිකර අහසට නැඟ තිබූ පෙදෙසකටය​.
එහිදී සිදු වූයේ කුමක් ද ?
එක් අංශක ගණනකට යොමුව තිබූ සංවෙදකය නිවැරදිව පොලොවේ සිට ඇති උස ලබා දෙන අතර අංශකයක් වෙනස් ව සවිකර තිබූ සංවෙදකය ලබා දුන්නේ ගොඩ බසින මඟ අසලම එය එල්ලේ තිබූ කඳු හෙලකට ඇති දුරය​.
උදා: 1 සංවෙදකය - මීටර් 8000, 2 වන සංවෙදකය මීටර් 240 .
මද්ය උස ලෙස (8000 + 240) / 2 = 4120.
නමුත් ඇත්ත උස 8000 .
තවත් මතයක් වන්නේ මෙයින් අඩු දුර කියවීම (240) ඇත්ත දුර ලෙස පරිගණකය විසින් තීරණය කරන ලෙස වැඩසටහන ලියා ඇති බවය​.
පොලොවට ඇති උස සංවෙදක දෙකෙහි මීටර් 1 හෝ 2 කට වඩා වෙනස් ව ලැබෙන්න ඉඩක් නැති නමුත්, මෙහිදී ඉතා වෙනස් කියවීම් දෙකක් ලැබුන විට එහි යම් වරදක් ඇති බව තීරණය කරන කොටසක් කෝඩ් වල ලියා තිබී නැත​.
මෙම අතපසු වීම නිසා යානය ඉහල අහසේ තිබියදී පරිගණකය ට තීරණය වීඇත්තේ පොලොවට ඉතා ආසන්න බවය​. එනිසා යානය පොලොව යැයි සිතා ඉන් ධන වැයකර සෙමින් පහත් වෙමින් ඉහල අහසේ ගොඩ බසින්න උත්සාහ දරා ඇත​. එතැන් සිට වූ ව්යාකූලත්වය තේරුම් ගත නොහී අතරමංව ඉන් ධන අවසන් වී එය වේගයෙන් ඇදී විත් සඳ මතට කඩා වැදී අබලන් වී ඇත​.
සංවේදක දෙකෙහි කියවීම් වල වෙනස යම් අගයක් ඉක්මවනවාද යන්න හා යම් කියවීමක් එකවරම ඉහල යනවාද යන්න​ පරීක්ෂා කිරිමට සරල කොටසක් ලියා තිබුනේ නම් ජපාන යානය අද සඳ මත නිරුපද්රිතව ගොඩ බැස ක්රියා කරන්න තිබුණි.
උදා: if (Reading A - Reading B ) > 2metres then -> average calculation is wrong.
පේලි 2 ක කෝඩ් නොමැතිවීම නිසා කෝටි ගානක මුදල් ද ඉහලම විද්යාඥයන් ගේ කාලය හා ශ්රමයද වැනසී ගොස් ජපාන සඳ වැඩසටහන පසුබෑමකට ලක්වීය​.
සමාගමේ කොටස් මිල දැවැන්ත කඩා වැටිමකට ලක්වී ඇත​.
මෙම යානය පාලනය සඳහා පරිගනක වැඩ සටහන සපයා ඇත්තේ ඇමෙරිකනු සමාගමකි.

No comments:

Post a Comment