Saturday, June 17, 2023

Vol IV - කසින භාවනාව හා මරණානුස්මෘතිය​

 කසින භාවනාව


කසින භාවනා ව යනු 'කසිනයක්' ඉලක්ක කරගෙන සිත යොමු කිරීම පුහුණු වීමය​. එවිට ක්‍රම ක්‍රමයෙන් තැන්පත්ව  එක් අරමුණක් ගැන පහසුවෙන්  විශ්ලෙශනය කිරීමට හෙවත් විදසුන් වැඩීමට සිත හුරු වේ.
(මෙය ලෞකික විෂයයන් අද්‍යයනය කිරිම හා විභාග පාස් වීමටද යොදා ගත හැක​.)

කසිනයක් යනු යම් පසුබිමක ඇසින් වෙන්කර බලා සිටිය හැකි යම් කුඩා ස්ථානයක් හෙවත් වස්තුවක් වේ.   බිත්තියක ඇලවූ අත්ලක පමණවූ  වර් ණ​ කාඩ්බෝඩ්  හෝ කොල රවුමක් වුවද කසිනයකි.
එය ආසන්නයේ තවත් දේ එල්ලා නොතිබීම පහසුවකි.

දැනටමත් සිත තැන්පත් අයකුට බිත්තියක ගසා ඇති ඇනයක් වූවද කසිනයක් විය හැක​.   එළිමහනේ නම් ගසක ස්ථිරව ඇති පැහැදිලිව වෙන් ව පෙනෙන දෙයක් වූවද කසිනයක් කර ගත හැක​. නමුත් මැසි මදුරු කරදර ඇති පලාත් වල එළිමහන අපහසු විය හැක​.  එමෙන්ම කසිනය අවට පසුබිම තනි වර් ණ යෙන් ඒකාකාර වීම  වඩා පහසුය​.

කසින භාවනාව කරන්නේ මෙසේය​.

  තමා තෝරා ගත් හෝ සකස් කර රඳවා තැබූ   කසිනය එක එල්ලේ පෙනෙන ලෙස පහසුවෙන් වාඩිවී සිට  ඒ දෙස බලා සිටින්න​.
වෙනත් දේ ගැන සිතට කරුණු ඒම බලෙන් යටපත්  කරන්න නොයා   කසිනය දෙසට උනන් දුව ඇති කර ඒ දෙස   බලන්න​.
  ලොකුවට නොසිතා, "ඔන්න මම ලොකු භාවනාවක් කරනවා" යැයි නොසිතා ඔහේ බලා සිටින්න​. 

ඒ අතර ඇස් පිල්ලම් ගැසීම සාමාන්‍ය පරිදි  සිදුවෙන්න අරින්න​.    කිහිප  දිනක් ටික වේලවක් බැගින්  මෙසේ කර​  සිත ගත තැන්පත් වී    එයට හුරු  වීමෙන් පසු, මෙය කිරීමේදී වරින් වර​ ඇස් මොහොතක්   වසා එදෙසම බලා ඉන්න​.       ඔබ ඇස් වසා ගත් මොහොතක වුවද  අර කසිනය  හෙවත් වෙන්වූ රූපය​ විසින් සිතේ ඇඳුන රූපය දිගටම පෙනෙනු ඇත​.  
 (එය අමුතු දෙයක් නොවේ. ඇසේ / මොළයේ සාමාන්‍ය තත්වයකි. බොහෝ විට පසුබිමේ හා එහි  වර් ණ  මාරු වී පෙනේ.) 

වරින් වර මෙසේ ඇස් වසමින් එම රූපය නරඹන්න​.  කෙමෙන් ඇස් වසා   වසා ගෙන ඉන්න​ කාලය වැඩි කර ගනිමින් එය නරඹන්න​.
එක් දිනකදී හෝ දිනපතා නොව තමන් ට  පහසු මතක් වූ වේලාවක මෙය පුහුණු වන්න​.  මනසට පීඩා වන අයුරින් නොව පහසු ලෙස​.

කල් ගත වනවිට දිගු වේලාවක් ඇස් වසා ගෙන සිටියද මනසට එම රූපය පෙනෙනු ඇත​.   දිනකට විනාඩි කිහිපයක සිට උපරිම පැයක් පමණ කලාම ප්‍රමාණවත්‍ ය​. 
මෙයට අනවශ්‍ය ලෙස ගැති වීම නොකළ යුතුය​.

සිත මෙසේ පුහුණු වූ පසු බිත්තියේ එය නොමැති විට හෝ වෙනත් තැනක හෝ  වාඩිවී  හෝ හිටගෙන පවා තැන්පත්ව ඇස් වසා අර   තිත , ලකුන  හෝ ලපය​  සිතින් මවා ගෙන නැරඹිය හැක​.

මේ තත්ත්වය එන විට සිත ඒකාග්‍රතාව හෙවත් එක් අරමුනක් කරා යොමුව සිටීම​ කෙරෙහි පුහුණු වෙමින් සිටී.  සිත තැන්පත් වීමට සමාධි ගත වීමට හුරු වෙයි.

කසින භාවනාවේ මූලික අරමුණ නම් යමක් වෙත සිත යොමුකිරීමට පුහුණු වීම  හා ඒ අනුසාරයෙන්   සමාධි ගතවීමට සිත ඉගෙන ගැනීමය​. 

ඉන් පසු කසිනය මතකයට නොගෙනම   ඇස් වසා ටික වෙලාවක් තුල සිත තැන්පත් කළ හැක​. එය කල් ගත වන විට ක්‍ෂනිකව සමාධි ගත වන තරමට පුරුදු වේ.   තවදුරටත් කසිනය යොදා ගැනීමේ අවශ්‍යතාවක් නැත​.   සිත  එම තත්ත්වය​ හඳුනා ගත් පසු ඕනෑම අවසථාවක​ ක්‍ෂනිකව සමාධි ගත වීමට තරම් හැකියාවක් ලැබේ.

    සමාධි ගත කිරිමේ හැකියව ලැබූ අයකු ඉන් පසු  භාවනාවේ යෙදීමේදී  සිතට වෙනත් සිතුවිලි , පරණ සිද්ධි, අතීත මතක ආදිය මැවී මැකී යන තත්ත්ව  ඇති නොවී  නිසල දිය පිරුණු විලක් මෙන් නිසසලව  පවතී.

වෛද්‍ය විද්‍යාත්මකව :
 මෙහිදී සිදු වන්නේ  ඇස් කණ් නාස් ආදියෙන්  එන  දහසකුත් එකක් පණිවිඩ  විකේතනය කිරීම හා ඒවාට ප්‍රති ක්‍රියා දැක්වීමට සිදුවීම   නිසාත්, සිත තුලම හට ගන්නා   ආශා, සැලසුම්, ලාබ , පාඩු, කලකිරීම්, අතීත මතක  ආදී සිතුවිලි නිසාත් අපේ මොලය  පුරා  දහසකුත් එකක්   තැන්වල  සාමන්‍ය අවස්ථා වලදී  කෙරෙමින්  තිබෙන නියුරෝන් ශක්ති ආරෝපන ක්‍රියා   වලිය එම සිතුවිලි අවම වීම නිසා  කෙමෙන් නිවී යෑමකි.  
 
අපේ ගත හෙවත් මාංශපේෂීන් සහිත සිරුර  ශක්තිමත් වන්නේ ඒවා වැඩ කරව රත් කිරීමෙන් වන අතර මොළයේ   සැමවිටම රත් වී තිබෙන කොටස් නිවා දැමීමෙන් එහි නියුරෝන  වර් ධනයක් සිදුවේ.    නින් දෙදී ද  මෙය යම් තරමකට සිදු වූවත් නින් ද යනු මොළය එලෙසම නිවීමක් නොවන බැවින්  එම තත්ත්ව දෙක වෙනස් ය​.  

මොළයේ මූලික පදාර්ථය වන නියුරෝන් නැවත වර් ධනය කල හැකි බව වෛද්‍ය විද්‍යාව විසින් සොය ගෙන ඇත​. නියම ලෙස සමාධියට පිවිසීමේදී  මොළයේ  ඉදිරි කොටසේ ‍‍‍ (පූර්ව ඉදිරිපස බාහිකය pre-frontal cortex )      නියුරෝන් වර් ධනය වී එය වැඩී බලවත් වන බව සොයගෙන ඇත​.  
මොළයේ එම කොටසින් සංකීර් ණ​ සංජානන හැසිරීම් සැලසුම් කිරීම, පෞරුෂත්වය   පිළිඹිබු වීම​, විශ්ලෙශනය කර තීරණ ගැනීම සහ සමාජ හැසිරීම් මෙහෙයවීම කෙරේ.   

The prefrontal cortex (PFC) is the cerebral cortex covering the front part of the frontal lobe. This brain region has been implicated in planning complex cognitive behavior, personality expression, decision making, and moderating social behaviour.




  සමාධි  සුවයෙන් සිටීම මනසට සහනයකි. ඒ වගේම​,  එතනින් නොනැවතී   විදසුන් වැඩිඩීමට යා යුතුය​.   වෙනත් ආරකින් කියතහොත් විදසුන් වැඩීම සමාධියෙන් පසු පහසු වේ.   විදසුන් වැඩීම යනු මනස හෝ සිත හා ගත ක්‍රියා කරන අන් දම අද්‍යයනය කර අප ජීවත් වෙනවාය කියන්නේ කුමක් ද කියා අවබෝධ කර ගැනීමය​. බුදු හිමියන් එදා බෝ මැඩ දී කළේ ඒකය​.   අප මෙහි මුල සිට කළේ ඒ ආකාරයේ   මූලික​ විමසුමකි.


මරණානුස්මෘතිය​

කය දිරනවා  මැරෙනවා  මැරෙනවා මැරෙනවා කියමින් අප කෙදිනක හෝ මැරෙන බව සිහිකරමින් ඉන්න දෙන උපදෙස් , බණ වැහි වැහැලා. භාවනා පංති පවා තියෙනවා මැරෙන බව හිතමින් ඉන්න​. 


මේ කාරණයේදීත්  බුදු හිමියන් ගේ දහම එතරම් ප්‍රාථමික කවුරුත් දන්න දෙයක් මත ගොඩ නැගේ ද කියා හිතන්න වෙනවා. 
  අප  මැරෙන බව දැනගන්න බුදු වෙන්න ඕනද ?   බුදු හිමියන් දෙසන්න ඕනද ?
කොටින්ම​,   මැරෙන බව හිතමින් හිටියට නිවන් යන්න පුලුවන් කියා හිතනවද ? 

සාමාන්‍ය ජිවිතයෙදී අනුනට කරදරයක් වීමෙන්​​,  අධික තන් හාව මත කරන දෙයින් වැලකීමට නම් මැරෙන බව දැනගෙන ජීවත් වීම හොඳයි. 

නමුත් එය නිර් වාණාවබෝධය සඳහා උපයෝගි නොවේ. 

එසේ වුවත් නිර් වාණාවබෝධය සඳහා උපයෝගි  කරගත හැකි, කරගත යුතු මරණයක් ද තිබේ. 

මරණානුස්මෘතියෙන් වඩන්න අවශ්‍ය අන්න ඒ මරණය මිස සරීරය මැරෙන එක නොවේ.

ඒ තමයි , 
අනිච්ඡාවත සංඛාරා ගාථාවේ එන උප්පජිත්වා නිරුජ්ජන්තී කියන මරණය​.

අන්න ඒ මරණානුස්මෘතිය තමයි නිවන් අවබෝධ වීමට අදාල වෙන්නෙ. 

ඒ නිසා  බුදු දහමේ අරමුන හා පදනම පටලවා ගෙන ඉන්න ලංකාවේ අති බහුතර ගිහි පැවිදි බොදු  ආගමිකයන්  මරණානුස්මෘතිය කියා  වඩන්නේ ද  අදාල නැති දෙයක් බව තෙරුම් යන්න ඕන​.


 
----------------------
© අනිත්යය හෝ නිවන​ කාගෙවත් අයිතියක් නොවන නමුත් මෙම පල කිරීම වෙනත් අයුරකින් ද පල වන බැවින් මෙම වචන ගැලපීමේ හිමිකම් අහුරගන්න සිදුවේ.

No comments:

Post a Comment