Thursday, June 15, 2023

Vol.III. දුක්ඛ හට ගන්නේ ඇයි ?

 Volume III


Chapter 5

 දුක්ඛ හා අනිත්‍යය අතර සබඳතාවක් තිබේද  ?


 මුලින්ම තෙරුම් ගත යුත්තේ  බුදු දහමේ කියැවෙන​  දුක්ඛ සත්‍යය යනු සිංහල 'දුක​' නොවන බවය​.  

තවත් මහා පටලවා ගැනීමක් නම් දුක්ඛ සත්‍යය යනු  ඉංග්‍රිසියෙන් suffering ය යන්නය​.  
ඇත්තටම එය  suffering නොවේ. 
Suffering is not an appropriate term to describe Dukkha.
Suffering is something you experience  as a result of  bad action taken by  you or someone else, or as a result of a natural disaster. 
'Dukkha' is not a repercussion of any action done by anyone.
 It is a phenomenon  exists from the start and end of your life,  each and every happy or sorrow moment in your mind. 

දුක්ඛ ලෙස නම් කරනලද තත්ත්වය සැපේදී හා දුකේදී සැම මොහොතකදී පවතින තත්ත්වයකි.  

 සතුටු දායක පාටියකදී හෝ දුකින් පිරුන අවමගුලකදී  , විභාගයක් සමත්වී සතුටු වන මොහොතේදී හෝ අසමත්ව දුක් වන මොහොතේ  ,  වටිනා යමක් ලැබුන මොහොතේ හෝ අහිමි වූ මොහොතේ  ආදී සෑම කල්හීම  පවතින දෙයකි . 

දුක්ඛ   යන්න තම තමන් සාක්‍ෂාත් කරගත යුතු තත්ත්වයක් වන අතර,    උපන් දාසිට මැරෙන තෙක් විඳින වදයක් ලෙස සරලව දැක්විය හැක​.

ඒ වදය යනු කුමක් ද ?

 ඒ වදය යනු, නැති මමෙක් ඉන්නවා කියා හිතාගෙන ඒ මමට බැඳීම් ඇති කර ගෙන ඒ මම වෙත  සලායතන වෙතින් එන  සංඥා වලට ප්‍රතිචාර දක්වමින් කරන 
 " නැති මම ජීවත් කර වීම" නම්   වදයයි.

Dukkha is the burden of maintaining the nonexistent.

Dukkha is the conflict in your mind in  sustaining the nonexistent. 

එහෙනම් දුක්ඛ සත්‍යයට හේතුව කුමක් දැයි මෙතනදීම වැටහිය යුතුය​. 

දුක්ඛයට හේතුව,  ඉහත කී අ-නිත්‍ය වූ ලෝකය​ නිත්‍ය ලෙස ගෙන විඳින 'වදය' යි.

 ඇත්තටම අනිත්‍යය නිසා දුක්ඛ හට නොගනී.

 දුක්ඛ හට ගන්නේ   අ-නිත්‍ය වූ ලෝකය නිත්‍ය ලෙස ගැනීම නිසාය​.


දුකට හෙතුව 

 දුකට හේතුව සොබා දහමේ දායදයකි!.

ඔව්, දුක්ඛයට හෙතුව  අ-නිත්‍ය ලෝකය නිත්‍ය ලෙස ගැනීමට අප උපන් දා සිට  සොබා දහමෙන්ම දී   පවතින අවිද්‍යාවය​. 
  අප උපන් දා සිට මියෙන තුරු  නැති කෙනෙකු පවත්වාගෙන යාම සඳහා විඳින නිරපරාද උත්සාහය හා වෙහෙස ය​. 

සොබා දහම එසේ කරදී ඇත්තේ වෙන කිසිවක් සඳහා නොව,
 ජීවී විශෙෂ වල අඛන් ඩ පැවැත්ම සඳහා ඒ ඒ ජීවියා හැකිතරම් සිය සිරුර නොනැසී පවත්වාගෙන යාම හා ඒ අතර තුර ප්‍රජනනය  සඳහා පෙළඹවීම සඳහාය .
 එය ඒක සෛලී ජීවීන් ගේ සිට පරිණාමය වී එන ස්වභාවයකි.    

සියලු සත්ත්වයන් ගෙ සිරුරු මත දුවන සංඥා පද්ධති විසින් එතුල  මවන ජීවීන් උපන් දා සිට මරණය දක්වා විඳින්නේ   'නැති තමන් ව පවත්වා ගැන යාම' නැමැති වදයයි.   

   මේ සංසිධිය විශ්ලෙශනය කර අවබෝධ කරගෙන බුදු වූ   බුදු  හිමියන් එය දුක්ඛ සත්‍යය ලෙසින් නම් කළ සේක .


අනිත්‍යය නිවැරදිව අවබෝධ කිරීමේ අටියෙන්   පටන් ගත්   මේ අද්‍යයනය කෙලවර වන්න යන්නේ  නිවන යනු  මොන වගේ දෙයක් විය හැකිද යන අවබෝධයෙන්  බවට දැන් හැඟීමක්  ඔබට​ ඇති වේ නම් එය වටිනවා.

මම කියා කෙනෙකු නැති බව සාක්‍ෂාත් වූ දිනට 
මේ දුක්ඛයද නැතිවී  යනවා නේදැයි දැන් සිතට එනු ඇත​. 

 

Chapter 6 


දැන් ඊළඟට ඉතුරු ටික​.

සතර ආර්‍ය සත්‍ය වලින් මුල් දෙකම ගැන මෙසේ අවබෝධ යක් ලබා ගැනුමෙන් පසු   ඉතිරිව ඇත්තේ තව දෙකකි.

එනම් දුක නැතිකර ගැනීමේ මාර්ගය සොයා ගැනීම හා එසේ කිරීමය​. 

ඒක නම් පොත් කියවා හෝ බණ අසා ලබා  ගන්න හැකි දෙයක් නොවේ.​.

තම තමන් දැනට ඇති  අවබෝධය ඔස්සේ    සිත මෙහෙයවමින් අවබෝධ කරගත යුතු මානසික තත්ත්වයන් ය​.

ඒ සඳහා 'සිත දියුණු කිරීම​' හෙවත් සිතේ ඒකාග්‍රතාව ඇති කර වඩවා ගැනීම​, කලබල ගතිය අඩු කර ගැනීම ,    අනුනට කරදරයක් නැතිව ආර්‍ය අෂ්ඨඅංග මාර් ගයේ  හැසිරීම් හෙවත් යහපත් ලෙස ජීවත් වීම    ප්‍රයෝජනවත් වේ. 

"සිතක් දියුණු කරන්න බෑ" කියා කියන අය සිටියත් ඒ එම අය එසේ කර නොමැති නිසා  හෝ කිරිමට ගොස් නොහැකිවී ඇති නිසාය​. 

ඉතා ප්‍රචලිත කර ඇති හුස්ම උඩට යටට යවන හෝ සක්මන් මලු වල ඇවිදින භාවනා වලින් සිත  දියුණු කළ නොහැක​.

සමථ භාවනා යනු සිත ඒකාග්‍ර කර ගැනීමේ මූලාරම් භය බව ඇත්තකි.   විදර්ශනාව යනු ඉහත අප කළ ලෙස කරන ලෝක විශ් ලෙශනයයි.   

බත් කන්න පෙර අතසෝදා ගැනීම සමථය නම්, බත් කෑම විදර්ශනාවය. 
අපේ භාවනා පංති වල හා බොහෝ තැන් වල දිනපතා අත සෝදන වා විනා බත් කන්නෙ නැත​.

භාවනා වේදී පොත් වල ඇති , 
" රූප - කය යනු ඇසට පෙනෙන්නට ඇත්තා වූ ශරීර ය ය. නාම-කය ය කියනුයේ රූප - කය පාලනය කරන රූප - කය හසුරුවන ඒ රූප - කය තුළ පිහිටි විඤ්ඤාණ ධාතුපරම්පරාව ය. නාම - කය ශරීරයෙන් තුරන් වුවහොත් ඉන් පසු රූප-කයෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැත. එය පසට යට කර දැමිය යුත්තක් වන්නේ ය."

ආදී විශය කරුණු කටපාඩම් කිරීම හෝ තෙරුම් ගන්න වෙහෙසීම පලක් නැති දේය​.

---------------------
ධර් මාව​බෝධය ඉතා ව්‍යාකූල අපහසු දෙයක් කිරීම   සඳහා හෝ වෙනත් හෙතු මත ත්‍රිපිටකයේ බුදු වදන් සේ හැඟෙන පරිදි ලියා ඇතුලත් කර ඇති පහත සූත්‍ර වැනි  බොහෝ  නිබන්ධන​ තේරුම් ගැනීමට වෙහෙසීම ජීවිත කාලයම නිකරුනේ නාස්ති කිරීමකි.

// "මහණෙනි, ෂඩායතනයන්ගේ විස්තර තොපට දේශනා කරන්නෙමි. එය අසව් යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි” යනුයි. “එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ආධ්යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය කායායතනය, මනායතනය, යන මොහුයි. ආධ්යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි. මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.
බාහිර ආයතන සයක් දත යුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? රූපායතනය සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඪබ්බායතනය, ධම්මායතනය, යන මොහුයි. බාහිරවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
- සළායතනවිභංග සූත්රයෙනි
----------------------------

ඉපැරණි ඉගැන්වීම් යාවත් කාලීන කර ගැනීම​ බුදුන් වහන් සේ බාහිර ලෝකය මගින් එන සංඥා මොළයට ගොස් එහි විඤ්ඤානය සෑදී විශ්වීය ප්‍රතිබිම් භයක් එතුල හැදෙන අයුරු විස්තර කර ඇත්තේ මීට වසර 2600 කට කලින් සිටි මිනිසුන්ටය​. එකල පාසල් වල ඇසේ හරස් කඩක් ඇඳ අක්‍ෂි කාචය හරහා දෘෂ්ඨි විතානයට​ නාභිගත වන ආලෝකය මගින් උත්තේජනය කරන සෛල වලින් ජනිත වන ස්නායු සංඥා දෘෂ්ඨික ස්නායුව දිගේ මොළයට ගොස් එහි නියුරෝන ජාලය තුල අනුරූපි ප්‍රතිබිම් භය හැදෙන හැටි හෝ
කණේ අස්ථි 3 කම්පනය වී ශ්‍රවණ ස්නායුව දිගේ යන කැල්සියම්+නියුරොට්‍රන්ස්මිට් රසයන + විද්‍යුත් සංඥා නිසා මොළයේ නියුරෝන ජාලයේ ඇතිවන අනුරුපී තත්ත්වය විකේතනය වී ශබ්ධය ලෙස හඳුනා ගන්නා හැටි හෝ ඉගැන්වූයෙ නැත​.
එවැනි දැණූමක් එකල තිබුනේ නැත​. ඉජිප්තු ජාතික ඉබන් අල් හයිතම් ඇස තුල කොටස් මුලින්ම විස්තර කළේ බුදු වසින් වසර 1500 කට පසුවය. විලියම් හාවි රුධිර සංසරණය විස්තර කළේ බුදු හිමියන් ගෙන් වසර 2180 කට පසුවය​. ඒ නිසා ලෙසින්




දුක නැතිකිරීමේ අවබෝධය තමන්ම ලැබුය යුතු බවත් බණ අසා හෝ පොත් කියවා ලබා ගන නොහැකි බවත් කියන්නෙ ඇයි ?

පා පැදියක් පදින්න නොදන්නා දරුවෙක්  එය පදින කෙනෙකුගෙන් එසේ කරන්නෙ කෙලෙසදැයි  ඇසූ විට කියන්නේ ඉස්සරහ බලන් පාගලා පුරුදු වෙන්න කියාය​. 
කොල කැබැල්ලක ලියා දෙන අදියර  කීපයක් කියැවීමෙන්   හෝ කට පාඩම් කිරිමෙන් හෝ පා පැදි පදින ලිඛිත විභාගයක් පාස් වීමෙන් හෝ කිසි විටක එම හැකියාව ලබා ගත නොහැක​.

  පා පැදිය බැලන්ස් කිරීම යනු  සිතේ  ඇතිකර ගන්නා අවබෝධයක් නිසාය.   ඒ අවබෝධය තම සිතේ සාක්‍ෂාත්  වන එක් මොහොතකදී  ඔහු  නොවැටී බයිසිකලය පදින්න පටන් ගනී.  එතෙක් එම හැකියාව යනු කුමක්   දැයි කියා හෝ කිසිම හැඟීමක් නොලැබ සිටි   දරුවා ඒ මොහොතේ සිට එය සම්පූර්ණයෙන් දැනගනී.  ඉන්පසු කිසි දිනක නැවත ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නෙ නැත​.

නිර් වාණාවබෝධයත් මේ ආකරයෙනි.    එක් මොහොතකදී ආලෝකෝ උදපාදී ලෙස ඒ දැණුම හා අවබෝධය   මතුවේ.

ඒ සඳහා පැහැදිලි , නිවහල්, වෛර ක්‍රෝධ නැති සිතක් තිබිය යුතුය​. අනුන් තමන් ගැන කියන දේ ගැන සිතේ ශක්තිය නාස්ති නොකිරීමට පුරුදු වී තිබිය යුතුය​.

චිත්ත ඒකාග්‍ර තාව   ඉතා වැදගත්.  



සමාධි ගත කළ තැන්පත් සිතක් ලබා ගැනීමේ එක් සුදුසු ව්‍යායාමයක් වන්නේ කසින භාවනා වය​. 



 
----------------------
© අනිත්යය හෝ නිවන​ කාගෙවත් අයිතියක් නොවන නමුත් මෙම පල කිරීම වෙනත් අයුරකින් ද පල වන බැවින් මෙම වචන ගැලපීමේ හිමිකම් අහුරගන්න සිදුවේ.










No comments:

Post a Comment