Wednesday, June 14, 2023

Vol.II. බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්‍යතාව​

 Volume II

Chapter 2


බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්යතාව​
අනිත්‍යතාව​ යනු කුමක් දැයි තමන්ම විමසා සාක්ෂාත් කරගැනීමේදී අවශ්ය අයට යා හැකි දිශාවක්, හැදැරිය හැකි ක්‍රමයක් බුදු දහමේම පැහැදිලිව ඇත​.
අනිත්‍යතාව​ යනු කුමක් දැයි තමන්ම විමසා අවබෝධ කර ගැනීම සඳහා යොදා ගත​ හැකි මූලිකම දේ නම් පටිච්ච සමුප්පාද චින්තනයයි. ඒ එය ගොඩනැගී ඇති පදනම අනිත්යය නිසාය.
ඒ සමගම, බුදු හිමියන් එදා බෝ මැඩ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට කළ විශ්ව විශ්ලේශනය එක මිටකට ගෙන දක්වා ඇති කවුරුත් අසා ඇති , නමුත් අගයක් නොදන්නා අනිත්‍යයානුසාර​ සුප්රසිද්ධ ගාථා වක් දේශනා කර තිබෙන බැවින් එය ද මේ අද්යයනය සඳහා ඍජුවම යොදා ගත හැක​.
එය නම් අනිච්ඡා වත සංඛාරා..... ආදී ලෙස ඇති ගාථා රත්නයයි.

--------------------------------
මෙහිදී කිව යුතු වැදගත් දෙයක් නම්, ඒ මහඟු දහම මළ මිනියකට බාර දී ඒ වෙනුවට බොහෝ අය බුදු දහම සංක්ෂිප්තව ඇති සේ සලකන්නේ "සබ්බ පාපස්ස අකරනං ...." ආදී ලෙස ඇති ගාථාවය​.
නමුත් "සබ්බ පාපස්ස අකරනං ...." හී කියවෙන්නේ ගැඹුරු දහමක් හෝ බුදු හිමියන් නි ර් වාණය​ සඳහා ගත් මග හෙලි පෙහෙලි කිරීමක් නොව, සරල ලෞකික සාපේක්‍ෂ​ ගුනවත් කරුණුය .

බොහෝ අය කියතත්, සබ්බ පාපස්ස අකරනං .... ගාථාවෙන් බුද්ධ​ ද ර් ශනය​​​ සොයා ගත නොහැක​.

ඇත්තටම එය වරදක් නැති , උතුම් අදහස් සහිත 'පතෝල​'  ගාථාවකි.
'පතෝල' කිව්වේ  බුදු දහමේ හරය නොපෙන්වන නමුත් වරදක් නැති  ජීවන දර්ශනයක් නිසාය​.


නිවන් මග විදසුන් වැඩීමට වටිනාම ගාථාව​

අනිච්චා වත සඞ්‌ඛාරා -  උප්පාද වයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති  - තෙසං වූපසමො සුඛො


අනිත්‍යවූ සංස්කාරයන් ඉපදෙන්නේම නැතිවීම නම් ගුණය සහිතවය ඉපදීම සමගම නැතිවීම සිදුවේ මෙය තේරුම්ගත්තේද සතුටින් වෙසේ බුදු හිමියන් පිරිණිවූ අවස්ථාවේ දුකින් සිටින ගිහි පැවිදි ශ්‍රාවකයන් දැක දෙවියකු විසින් මෙම ගාථාව ඔවුනට ඇසෙන්න කියා ගිය බව පැවසේ.
ඒ "මෙම අනිත්‍ය සත්‍යය දෙසූ උතුමකු ගේ සිරුර මියගිය විට හඬනු කුමටද" කීමටය​. එම කාරණය අවබෝධ කර නොගන්නා අය එය කෙනෙකු මිය ගිය විට දෙසන එකක් ලෙස අද පටලවා ගෙන අවමංගල්‍ය වලදී එය සජ්ජයනා කරති. මෙය සිරුරේ මියයාම හෙවත් අවමංගල්‍ය අවස්ථාවක් සඳහා දෙසූ ගාථාවක් නොවේ. ජීවත්ව සිටින මිනිසුන් සඳහා දෙසූ වටිනා දහමය​. එමෙන්ම දහම නොතිබූ පෙර කළෙක දහම් පදයක් හෝ අසන්න ජීවිතය පවා පරිත්‍යාග කරන අටියෙන් යක්‍ෂයකු ගේ වෙස් ගෙන පැමිණි සක් දෙවිඳුන් ගේ කටට පැන්න දහම් සොඬ බෝසත් රජතුමාට සමස්ථ ධර් මය​ කැටිකොට​ සක් දෙවිඳුන් කියා දුන්නේ ද මෙම ගාථාව බව කියැවේ. (දහම් සොඬ ජාතකය).
ඉන් අදහස් කරන්නේ මෙම ගාථාව රජකුගේ වූවද ජීවිතය​ පරිත්‍යාග කිරිමට තරම් වටිනා බවය​.
දහමේ ඇති වඩාත්ම වටිනා ගාථාව බවය​.


  බුදු හිමියන් විසින් සම්මා සම් බුද්ධත්වය ලැබීම සඳහා කළ තත් කාලීන  ලෝක විශේලෙශනය සංක්‍ෂිප්ත කොට ඇති මෙම පද හතරෙහි පැහැදිලි අරුත  මේ මොහොතේ අප සිතෙහි පවතින තත්ත්වය විස්තර කිරීමය​.

එය දැන අවබෝධ කර ගන්නේ නම් නිවන හෙවත් සදාකාලික සුඛය ඇති වන බවය​.

ඇත්ත වශයෙන් ම බුදු හිමියන් ගෙ දහම යනු දුක සොයන දහමක් නොව සතුට සොයා ගන්නා දහමකි.

මේ මොහොතේ හට ගන්නා චිත්තක්‍ෂනය එකෙනෙහිම නැතිවන අතර අප එම සිතුවිල්ල තුල මවා ගන්නා ලෝකයද එකෙනෙහිම නැතිවේ. ඊළඟ චිත්තක්‍ෂනයෙදි තවත් භවයක් ඇති වන අතර එයද එකෙනෙහිම නැතිවේ. මෙලෙස සිදුවීම ඉතා වෙගයෙන් සිදුවනනිසා අපට   ජීවත් වන  කෙනෙකු ඉන්නා බව දැනේ. 

ඇත්තටම පවතින්නේ මොළය තුල හටගන්නා චිත්තක්‍ෂන හෙවත් එකිනෙකට නොබැඳි ක්‍ෂනික සිත් මාලාවක් ය​. මෙය වටහා ගන්නේ නම් එම අනිත්‍ය වූ ලොකය තුල මෝහය නිසා සිදු කරගන්නා  රාග ද්වේශ ඇතිවීම අහෝසි වී යයි .
(පරිගණකයේ හෝ ස්මාර්ට් ෆෝන් එකේ සිදු වෙන්නේද මෙයමයි. ඔබට මේ අකුරු ස්ථිරව පලවී ඇති බව පෙනුනත් ඒවා තත්ත්පරයකට 60 වරක් හෝ සිය වරක් ලිවී මැකී යයි. ඒ එම උපකරණයේ මොලයේ හා චීප වල පවතින ඩිජිටල් 101001 ඔන් ඕෆ් ස්වභාවය නිසාය​. )

මෙය තව දුරටත් විශ්ලෙශනය කිරිමට පෙර, අභිධර් මය හෙවත් ඉහලම දහමේ එන පටිච්ච සම උප්පාද විග්‍රහය කියබා බලමු.
 




Chapter 3

පටිච්ච සමුප්පාද විග්‍රහය


ගෞතම සූත්රය, බුද්ධ වග්ගය​, නිදාන සංයුක්තය, සංයුක්ත නිකාය, සූත්ර පිටකය:

“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ඉපදීම් ඇතිකල්හි වනාහි ජරාව සහ මරණය ඇතිවෙයි ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘භවය ඇති කල්හි වනාහි ඉපදීම (ජාතිය) ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් උපාදානය ඇතිකල්හි වනාහි භවය ඇතිවෙයි. ‘උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, ‘කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව ඇතිකල්හි වනාහි උපාදානය’ ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද, ‘කුමක් නිසා තණ්හාව ඇති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද?, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ස්පර්ශය ඇතිකල්හි වනාහි ‘වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.


මුලින්ම අවබෝධකරගත යුත්තේ මේ විස්තරයේ පාලි 'වේදනා' යනු සිංහල වේදනාව නොවන බවය​.
එය විඳීම​ හෝ හිතට දැනීම ලෙස ගත හැක​.
ඉංග්‍රිසියෙන් නම් feeling ය​. Pain නොවේ.
එමෙන්ම මෙ සමස්ථ විස්තරයෙම කියැවෙන්නේ සතෙකු මව් කුසින් ඉපදීමක් ගැන නොව,
ජීවත් වන කෙනෙකුගේ චිත්තක්‍ෂන ඉපදීම ගැනය​. 

ස්පර් ශය touching​ නිසා වේදනාවද feeling -, වේදනාව නිසා තන් හාවද -fondness- එනවා කියන්නෙ ඒ නිසා.

තන්හව හෙවත් කැමැති විම නිසා උපාදානය -attachment - වේ.
උපාදනය යනු ඒ ස්පර්ශය නිසා ඇතිවන කැමැත්තට ඇලීමයි.

තන්හාව චිත්තක්‍ෂනයකි. එතැනින් අවසන් වේ. උපාදාන උනිත් තමයි දිගට යන්නේ.

  තන්හාව ඇති උනාට කමක් නෑ. එයට ඇලුනොත් තමයි ඊළඟ චිත්ත ක්‍ෂන කරා භවයෙන් භවය හටගෙන​ ඒ තන්හාව ගලා යන්නේ .

භවයෙන් භවය යනු සරීරයෙන් තව සරීරයක නොව චිත්තක්‍ෂනයක් පාසා හට ගන්නා භවයන් ය​.
"තන්හාව හටගත්තට කමක් නෑ උපාදාන උනොත් තමයි ප්‍රශ්නය වෙන්නේ" කියන්නේ ඇයි ?

සරල උදහරණය:  

රන් මාලයකට ඉතා කැමති කෙනෙකු ගැන සිතමු. 
 පාරෙ යනවිට රන්බඩු සාප්පුවක ශෝ-කේස් එකක දමා ඇති රන් මාලයක් දැක එයට ආසාවක් ඇතිවීම ස්වභාවිකයි.  එතැනින් ගිය පසු එය අමතකයි.

නමුත් එය උපදාන උනොත් ගෙදර ගොස් නිදාගන්න විටදී පවා එය මතක් කරමින් ආසා කරමින් දුක් වේ.    ඒ මොහොත වන විට​ එම මාලය  වෙනත් අයකුට​ විකුණා  එතැන නොමැති වන්නට පවා ඉඩ ඇත​.   
එනමුත් උපාදාන වූ නිසා ශෝ කේස් එකේවත් දැන් නැති මාලයක් ඔහුගෙ සිතේ මැවී චිත්තක්‍ෂන භාවයෙන් භාවය​ හටගනිමින් පවතී. ඔහුගෙ සිතේ තවදුරටත් පැවතෙමින් තමන්ට තන්හා ශෝක උපදවයි.

තන්හාව මුලින්ම ඇතිවීම සඳහා බාහිර උත්තේජනයක් අවශ්‍ය නමුත් එය උපාදාන වූ පසු බාහිර උත්තේජනය නැතිවම එම භාවයන් හටගනී.
ශෝක​, ක්‍රෝධ​, ද්වේශ , රාග සියල්ල මේ ආකාරයෙනි.

උපාදානය නිසා භවය​ - භව උප්පත්තිය​ -

උපාදාන උනොත් මාලයට අදාල​ භව උපත් දිගටම සිදුවෙමින් යයි. එනම් එක් චිත්තක්‍ෂනයක ඇතිවූ භව ඊළඟ චිත්තක්‍ෂනයට 'කොපි පේස්ට්' වේ. ප්‍රදර්ශනාගාරයේ තිබියදී දුටු මාලය සිතේ දිගටම පවතින්නේ චිත්තක්‍ෂනයක් පාසා හටගන්නා භව උප්පත්ති වලය​.
මෙලෙස මාලය නිත්‍ය දෙයක් ලෙස සිතේ පැවතීම නිසා එයට බැඳීම ඇතිවේ.
එලෙස අනිත්‍ය වූ ලොකයේ නිත්‍ය බැඳීම් නැමැති මුලාව ඇතිවේ.

උපාදානවූ දෙයක් නැත්නම් , චිත්තක්‍ෂන හටගෙන එකෙනෙහිම නිරුද්ධ වනු මිස ඊළඟ චිත්තක්‍ෂනයට යන දෙයක් නැත​. එනිසා චිත්තක්‍ෂන දෙකක් අතර සබඳතාව හෙවත් 'භවයන්' හට නොගනී. බැඳීම් ඇතිවීමට දෙයක් නැතිවේ.

භවය හෝ භව උප්පත්තිය යනු  එක සිරුරක එකක් ලෙස පැවැත, සිරුර මියගිය පසු තවත් සිරුරක හට ගන්නා දෙයක් නොවේ. ජීවත්වන කෙනෙකුගේ මනසේ සෑම ක්‍ෂනයක් පාසා ඇතිවන දෙයකි.

 මතු   භවයේ අප සංසාරේ  උපදින්නේ ගීත රචනා වලය.  
'සංසාරේ මතු භව'  හටගන්නේ මේ තත් ක්‍ෂනයේ  මිස සිරුර මියගිය පසු වෙනත් තැනක නොවේ. 

බුදු දහමේ අද්‍යයනය කරන කිසිම දෙයක් තත් ක්‍ෂනයකට වඩා නොපවතී.   එය සිද්ධාන්තයකි.

වෙනත් වචන වලින් කියත හොත් බුදු හිමියන් තත් ක්‍ෂනයකට වඩා පවතින දෙයක් ගැන විමසා නැත​. 


භවය නිසා ජාති හෙවත් ඉපදීම . ඉහත කීලෙස බැඳීම් සහිතව දිගටම හටගන්නා භව නිසා ජාතිය හෙවත් ඉපදි ඉන්නා කෙනෙකු සිටින බව දැනේ.

[උපුටා ගැනීම]

" මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘භවය ඇති කල්හි වනාහි ඉපදීම (ජාතිය) ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය. "

[උපුටා ගැනීම අවසන්]

 එතනද ජාති හෙවත් ඉපදීම යනු  මව්  කුසෙන් ඉපදීම නොව භවය නිසා මම කියා කෙනෙක්  ජීවත්ව ඉන්න බව ස්ථාපිත වීමය​.

බැඳිමක් හට ගැනීමට අන්ත  දෙකක් තිබිය යුතුවේ. උපාදාන වූ මාලය සහිත භවයන් පවතින විටම අනිත් අන්තයේ එයට බැඳෙන 'මම​' නිරායාසයෙන් පවතින්නට පටන් ගනී. එක් අන්තයක් පමණක් සහිතව බැඳීමකට පැවැතිය නොහේ.
මෙලෙස​ එක කොණක මාලයද අනෙක් කොනෙහි 'මම​' ද  සිටී.
  මෙහිදී මාලය මෙන්ම 'මම​' ද අවිද්‍යාව නිසා සිතේ මැවෙන දෙයක් පමණි.   

" භවය හට නොගත් විට ඉපදීම නැතිවී ජරා මරණ ඇති නොවේ"
කියන්නේ මව් කුස ඉපදී ජීවත්ව ලෙඩ වී මැරීයාම සිදු නොවීමක් ගැන නොව​ උපාදාන රහිත වූ චිත්තක්‍ෂන අතර භවයන් හට නොගැනීම නිසා "මම​" ඉපදීම සිදු නොවීමෙන් දුක්ඛ ජරා වීමට 'මමෙක්' නැති වීමය​.

බුදු හිමියන් විශ් ලේ ශනය කළේ මේ ශාරිරික මානසික තත්ත්වය   මිස සතෙකු මව් කුසින් ඉපදීම හා මියයාම වැනි සරල දෙයක් නොවේ.  එවැනි දෙයක් කියන්නට බුදු වෙන්න අවශ්‍ය නැත​.

 අවසානයේ  'තෙසං වූපසමො සුඛො' කියන්නේ මෙන්න මේ සිස්ටම් එක වෙන හැටි තේරුම් ගත් පසු සතුටින් ඉන්න හැකිය යන්නය​.

    ඒක කියන්නේ මැරිච්ච එකාට නොව ජීවත්ව ඉන්න එකාලාටය​.


මෝහය හා මෝහක්‍ෂය - මෝක්‍ෂය​

ඔන්න ඔතනිත් පසු ඉතින් ඒ ඉපදී ඉන්න ව්‍යාජ පුද්ගලයා "මම​" ලෙස හිතන අතර අනිත්‍ය නොවන මම ට ඇතිවන සියලු වෙනස් කම් ජරා මරණ ලෙස විඳී. ඒ විඳින්නේ වසරකට හෝ මොහොතකට කලින් සිටි "මම​" හා දැන් ඉන්න "මම​" අත් දකින දේවල් වල වෙනස් කම් නිරතුරුව සැසඳීමෙනි.

එලෙස "මමෙක්" හදා ගැනීම හා පෙර පසු මැනීම මෝහය ලෙස හැඳින් වේ. එම මැනීමෙන් සුවයක් ලැබුනොත් රාගය ද , අප්‍රියයක් ලැබුනොත් ද්වෙශද උපදී. මොහය ක්‍ෂය කළොත් රාගය හෝ ද්වෙශය නූපදී. මොක් සුව​, මොක් පුර​, මෝක්‍ෂ සැප , මෝක්‍ෂය ලැබේවා කියනු මිස රාගක්‍ෂය​, ද්වෙශක්‍ෂය ලෙස නොවහරන්නේ ඒ හෙතුව නිසාය​.
මෝක්‍ෂ සැප ලද විට අනිත් දෙක ඉබේම ලැබේ.



Chapter 4

බුදු දහමේ විශ්ලෙශනය කළ අනිත්‍යය 

බුදු දහමේ විශ්ලෙශනය කළ අනිත්‍යය යනු  ඉහත මත 4 හී දැක්වූ ලෙස​ අපේ සිරුරට බාහිරව ඇති කිසිම දෙයක සිදුවන ඇති නැති වීමක්  ගැන හෝ වෙනස් වීමක් ගැන​  සෙවීමක්  නොව , 
 ඒ ඒ පුද්ගලයාට සාපෙක්‍ෂව තත් කාලයේ , එනම් ඒ ඒ මොහොතේ, සිතේ හටගන්නා චිත්තක්‍ෂනයකදී       ඒ ඒ පුද්ගලයා විසින්  මවාගන්න   බාහිර ලෝකය පිලිබඳ ප්‍රතිබිම්භය  එකෙනෙහිම හෙවත් එම චිත්තක්‍ෂනය නිරුද්ධ වීම සමගම අහෝසි වීම,  මොහොතකට වත් නිත්‍ය නොවීම  බව දැන් තේරුම් යයි.    
 හටගත් දේ එකෙනෙහිම බිඳවැටිම​ ඉංග්‍රිසි බසින් collapsing or 'collapsing of state' ලෙස හැඳින්විය හැක​. 

  ඉතා වැදගත්: 
 එසේ මැවෙන බාහිර ලෝකය කලින් තිබුනු එකමද නැත්නම් වෙනස් වූ එකක් ද යන්න නිවනට අදාල නැත​.  

එනිසා නිරන්තරයෙන් වන වෙනස්වීමක් ගැන මෙහිදී අද්‍යයනය නොකෙරේ. 

අනිත්‍යය යනු  චිත්තක්‍ෂනයකදී මැවෙන ලෝකය එකෙනෙහිම බිඳ වැටෙන බවය​.  නිත්‍ය ලෙස මොහොතක් හෝ නොපවතින බවය​. 
 එසේ නොමැතිව කිසිවක් වෙනස් වන සුළු බව නොවේ.
 
 අපට බාහිර දෙයක් වෙනස් වෙනවාද නැද්ද යන්න නිවන් අවබෝධයට අදාල නැත​. 
අදාල වන්නේ අප දකින​ ලොකය දුටු වහාම   බිඳ වැටී නැතිවී යන දෙයක් බවය​.

ලෝකයේ විද්‍යා දැණුම වසර දහස් ගානක් තිස්සේ දියුණු වීමෙන් පසු උච්ඡත්වයට පත් අද අති නවීන විද්‍යා දැණුමේ සොයා බලන Quantum mechanics   හීද පදනම වන්නේ  යම් තත්ත්වයක් නිරික්‍ෂණය වන වහාම එය බිඳවැටෙන බවය​. 

අපගෙ අද්‍යයනයට කෙලින්ම අදාල නොවුනත් මෙහිදී දැකගත හැකි දෙයක් නම්,
වසර දහස් ගණනක කාලයක් තිස්සේ කෙමෙන් පරිණාමය වෙමින් දියුණුවූ නවීන විද්‍යාත්මක  සංකල්ප    වසර 2600 කට කලින් ප්‍රකාශ කළ බුදු දහමේ සංකල්ප හා සමපාත  වීම දැන් සිදුවෙමින් පවතින බවය​.
ඒ නිසා මින් ඉදිරියට විද්‍යාත්මක සංකල්ප වල දියුණුවක් වේද යන්න අවිනිෂ්චිත වන අතර බුදු දහම හා විද්‍යාව එක ම තලයක පැවතීම ආරම් භ වී ඇත​. 

මෙහිදී 'බුදු දහම' ලෙස හැඳින්වූයේ වත්මන් සමාජයෙ පවතින බුද්ධාගම හෝ එහි සංකල්ප නොවන බව කරුණාවෙන් සලකන්න​. 

 

 දුක්ඛ හට ගන්නේ අනිත්‍යය නිසා නොවේ  !

      ඊළඟ කොටස  බලන්න​. 

----------------------
© අනිත්යය හෝ නිවන​ කාගෙවත් අයිතියක් නොවන නමුත් මෙම පල කිරීම වෙනත් අයුරකින් ද පල වන බැවින් මෙම වචන ගැලපීමේ හිමිකම් අහුරගන්න සිදුවේ.










No comments:

Post a Comment